නුඹ නොවේ හිමි වන්නෙ

Thursday, June 16, 2011
සුමුදු මුදු සඳ කිරණ
පහන් කල සිත් අහස
අදුරු වී ගිය අරුම
නුඹේ වත කමල දැක

සිල් සුවඳ දසත යන
බෝ මලුවෙ ඇවිද ගිය
නුඹේ පිය සටහනින්
දිග හැරුනු මතක පොත
සසල කල මා
සිත් අහස

බුදු හිමිගෙ බණ පදින් 
තේරුම් ගතිමි සැබෑ තතු
නුඹ නොවේ හිමි වන්නෙ
මතු මතුත් මේ සසරේ
වැටෙන්නට ගිය කදුලු බිඳු
නොම වැටුනි දෙකොපුලින්

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

ඔබට හිමි සද..
නිසි කලදීම..
ඔබ ලගට එනු ඇත..
එහෙයින් ඉවසනු මැන...

හිම හංසි said...

ස්තුතියි චතු අය්යෙ.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන