ස්වර්ගයට යන මාවතේ මල් පාවඩ අතුරන්නම් මා..

Monday, June 27, 2011


ආදරයේ මල් මාවත ඔස්සේ
ඔබ මා ගිය මග අද නිම වී ඇත
දෙවියන් වෙත යන පාර හොයාගෙන
පෙම්වත අද ඔබ මා හැර යනවද?

සිනහව ගිලිහුනු මගෙ මුව දැකලා
තැවෙන්නෙපා තව මං ගැන හිතලා
ආදරයේ මල් පාවඩ අතුරා
සකසන්නම් කුමරුනි මග සරසා...


ස්වර්ගයෙ දොරටුව නුඹට ඇරෙන දා
නෙතගින් ගිලිහුනු කඳුළැල් පිසදා
ආදරයේ මල් පාවඩ අකුලා
මම යන්නම් නිවනේ මග සොයලා...

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

ලස්සට පද ගලපල තියෙනවා.. සිතුවිලි පවුරට සාදරයෙන් පිළිගනිමු!

හංසි said...

සිතුවිලි පවුරේ මටත් ඉඩක් දුන්නාට බොහොමත්ම ස්තූතියි!!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන