පමාවී ආ වසන්තය

Thursday, June 16, 2011
මං ඔයාව ගොඩක් හෙව්වා. 
ඔව් ගොඩක්. 
ගොඩක්ම ගොඩක් කල් ගිහින් අපිට අපිව හම්බුනා. 
දන්නවද ඒත් අපි පරක්කු වැඩියි. 
ජීවිතේ හැම දේම අපිට ඕන වෙලාවට ලැබෙනව නං? 
අනෙ දෙවියනේ, 
එහෙනං අද ඔයාගෙ අතේ එල්ලිලා 
උදේට ඉස්කෝලෙ යන පුංචි කෙල්ලගෙ 
අම්මා වෙන්නෙ මම නේද?? 
හැමදාම පාන්දර 4ට ඇහැරිලා 
මං හදල දෙන කෑම එක 
ගොඩක් ආදරෙන් අරන් යන්නෙ ඔයා නේද? 
අපිට කොතනද වැරදුනේ? 
ඔව් මට තේරෙනවා හැම දේටම වැරදි මේ කාලය. 
ඇයි එදා මුගැසුව නැති අපි දෙන්නව අද මුනගැස්සුවෙ ඇයි????
 හැමෝටම හොරා 
හෝටල් කාමරේට තනි වෙන්න තරන් 
අපෙ ආදරේ අසරන කරේ ඇයි?? 

(මං ලියන කිසිම දෙයක් කවි නෙවෙයි. අනේ කවුරුත් වැරදියට වටහා ගන්න එපා. මේව නිකන්ම නිකන් මගේ අදහස් විතරයි. මට හිතෙන දේවල්. සමාජෙ මෙ වගේ ආදර කතා ගැන තියන තත්වෙ ගැන මං දන්නවා. කට්ටිය මට බනින්න එපා. මේක ඒ අයගෙ පැත්තෙන් මං දැකපු දේ....)

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Dilanka Madhawa said...

ආදරේ කියන දේ ප්‍රකාශ කරන්න බැරි උනහම කනගාටු ඇති වෙනව.ඒ වගේ අදහසක් තියෙන,මම අද කියවපු දෙවෙනි පෝස්ට් එක.ලස්සන පද බැඳිල්ලක්.සුභපැතුම්!!!

Unknown said...

මේ වගේ දෙයක් කාලයක් මටත් වෙන්න ඉඩතිබුන.මොකද මම ගොඩක් ආදරේ කරපු ගැනුලමයව ගෙදරින් බැඳලා දෙන්න තීරණය උන නිසා.

Yasantha Hennayake said...

මෙහෙම දෙයක් කිසි කලකදි කාටවත්ම වෙන්න එපා.. ඔන්න මගේ පැතුම.. පද බැදිල්ල ලස්සනයි නොවැ..

සිත් අහස said...

හ්ම්ම්... ඇත්තටම ආදරේ කියාගන්න පහු වුනාම ඉතිරි වෙන්නේ පසුතැවිල්ල විතරයි. ලස්සනට ගලපලා තියෙනවා නංගා...

නඟා said...

@කුරුං ගුරුං- තැන්කූ මලේ... හ්ම්ම්ම්ම්... කවදාවත් ආදරේදි පරක්කු වෙන්න හොද නෑ...

නඟා said...

@දිලීප මල්ලි-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... දැන් ඒ ඔක්කොම හරි නේ? සතුටින් ඉන්න... :) :) මේ වගේ දේවල් නොවෙන තරමට හොදයි....

නඟා said...

@චතු අයියා/මල්ලි- තැංකූ වෙවා... ඔව් නොවෙන තරමට හොදයි. එත් මේ ආදරෙත් අවංකයි නේද?? අනේ මංදා... ඉතූතියි අදහසට...

නඟා said...

@ප්‍රාර්තනා අක්කා- ඔව් අක්කෙ. ඒ වගේමයි තමන් ජීවිත කාලෙම හොයන ආදරේ ගොඩක් පහු වෙලා හම්බුනාමත් ඒකත් ලොකු දුකක් අක්කා... තැංකූ අදහසට. සතුටින් ඉන්න... :) :)

Anonymous said...

me duka widina, eth a duka nethikaranna thawa kenekta dukaka denna akamathi asarana kellek mama.me wedanawa widina kenekma witharai eka gena hariyatama danne, samaje eka gena dakinna peththata wadawedi deyak ethana thiyanawa kiyala mama denagththeth matha thaththweta path unata passe

Post a Comment

පි‍ටු පෙරලපු ගාන