පමාව . . .

Friday, July 1, 2011

හිරු
ගිලෙනවා හැමදාම
යලි එන
. . . පොරොන්දුවපිට . . .
සඳු නැඟෙනවා
හොර හොරෙන් 
හැමදාට ඉන්න මෙන්
හිරු එනකන්ම විතරක්
. . . හෙට දවසට . . .
ඒත් 
අද නැත්නම් හෙට 
කවදද ඇත්තට එන්නේ
ඔය කියන දවස
. . . නුඹ ලඟ . . .

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

හිරු ගිලෙනවා මේ පැත්තෙන්
අනිත් පැත්තට පායන්න
හඳ එනවා වැඩ ඉවර කර
අනිත් පැත්තෙන් මේ පැත්තට
ලෝකය කැරකෙයි
විශ්වයම කැරකෙනකොට
ජීවිතය ඔහොමයි
යයි පැත්තෙන් පැත්තට

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

ස්තූතියි සරත් . . . :)

Post a Comment

පි‍ටු පෙරලපු ගාන