තල් කවි

Sunday, July 3, 2011
සාක්කු හිස් කරලා
පුරවගමු අත්වලට
විසිකරමු කච්චාන් හුලඟට
ගහං යන්න උඩහට

හුලඟටත් හොරාට
උන්හිටිතැනම වපුරන
අපිවම වහං පැලවෙන
කවි මොකට බඩ සා දුරලන

වරා අහුරක් විලස
හුලඟ ඉඹගෙන පියඹන
කඳුලු තෙත මත දලුලන
මතු දිනේ සෙවනැති බිජු කවක් මිස 

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

වපුරනු කවි බීජ
හෙට දින පැලවෙන විගසින්
එකම මිනිසුන් වසනා
මේ බිමේ සාමය උදෙසා

Post a Comment

පි‍ටු පෙරලපු ගාන