බලාපොරොත්තුව

Tuesday, July 12, 2011
දවසක් දෙකක්
නෑ
දෙවසරක්
මම බලන් උන්නා..

ඉඩෝරයට ඉරි තැලිලා ගිය
හද විලට
වැහි වැටෙන තෙක්...

ආයිමත්
ආදරය වපුරන්න


දවසක්දා
නුඹ ආවා
වැහි බීරුමත් අරගෙන

මම
කෑ ගැහුවා
මුළු ලෝකෙටම ඇහෙන්න
නුඹ ආව සතුට
දරාගන්න බැරිව

ඒත්................


පුන්චි පොද වැස්සක් විතරමයි




බලාපොරොත්තු  සුන් උන මම

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

ඉස්සෙල්ලම
පොද වැස්සක්
ඊට පස්සේ
නිහඬතාවය
ඉනුත් පස්සේ
අහස කළු කරගෙන
පොලොව යට කරගෙන
මහ වැස්ස වහීවි..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන