දුක දරන් වෙන් වුනේ නුඹ විතර නම් නොවේ....

Sunday, July 24, 2011


ආකාසෙ ඉගිලෙන්න මට නොහැකි හින්දා
විල් තෙරේ සඳ එලිය රහසෙන්ම වින්දා
ජිවිතේ දුර යන්න නුඹ නො එන හින්දා
නැවතුනෙමි අතරමග නුඹ ඉන්න හින්දා

ජිවිතය ඉගිලයයි ඒත් මම තව මෙතන
සඳට පෙම් කරපු අපි අද ගිහින් කොයි කොතන
නවතින්න නවාතැන නුඹේ හද මා පතන
ඒත් අද ගිහින් නුඹ මා දමා අද මෙතන

පුර හඳට පෙම් කරේ මම විතර නම් නොවේ
සඳ එළිය හිමි වුනේ මටම විතරක් නොවේ
මල් සුවඳ හිමි වුනේ නුඹට විතරක් නොවේ
දුක දරන් වෙන් වුනේ නුඹ විතර නම් නොවේ

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ලහිරු said...

"නවතින්න නවාතැන නුඹේ හද මා පතන
ඒත් අද ගිහින් නුඹ මා දමා අද මෙතන"

…ලස්සන අදහසක් සහෝ... නියමෙට ලියනවා. දිගටම ලියන්න...

සිත් අහස said...

හරිම ලස්සනයි,,

හංසි said...

@ලහිරු- බොහොම ස්තූතියි යාලුවේ. අපි පතන දේවල්ම හැම වෙලාවෙම ලැබෙන්නෙ නෑ නේ.

@ප්‍රාර්ථනා- බොහොම ස්තූතියි ප්‍රාර්ථනා..

සුභා සහ සුරේ said...

පුර හඳ
ඔබ දෙස බලා දවසක්
සුසුමන් හෙලා
මා අමතලා කී වා
ඇය මගෙ කියා
ඒ ඇසූ ඔබේ දෙසවන්
රත් පැහැ වුනා මට
මතකයි එදා
ඔබ අව සිහිවුනා.........

Gimhani said...

හිතට සමීප පද ටිකක්. හරිම ලස්සනයි.

Chamath N. Kirinde said...

සිතුවීල්ල හරි අගේට පද කරලා තියෙනවා... මේක අත්දැකීමක්නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා

Unknown said...

සදා කාලිකව අදරය හිතේ තියගෙන දුරස්ව ඉන්නා පෙම් යුවලක්.!!
අදාරනීය වෙන් වීමක් වගෙයි මේක...

හරිම ලස්සනයි.. සුබ පැතුම්..!!

හංසි said...

@සුභා සහ සුරේ- ඔයාගෙ සංකල්පනාවත් ගොඩක් ලස්සනයි. බොහොම ස්තූතියි.

@Gimhani- ඔයාටත් බොහොම ස්තූතියි. මේ වගේ අත්දැකීමක් ජීවිතේ කවදා හරි අපිට සමීප වෙනවා.

@Jචමත්™- අත්දැකීමක් නොවෙන්නත් බෑ. අපි හැමෝටම මෙහෙම අත්දැකීමක් නැත්නම් තමයි පුදුම. කොහොම උනත් ගොඩක් ස්තුතියි.

@Nalaka-ඔව්.. එහෙම දෙයක් වෙන්නත් පුලුවන්. ප්‍රශ්ණත් එක්ක කී දෙනෙකුට නම් වෙන් වෙලා යන්න වෙනවා ඇත්ද? බොහොම ස්තූතියි..

Anonymous said...

ලස්සනයි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන