ප්‍රේමයෝ.....

Saturday, July 30, 2011




           ගෑනු චපලයි කියන්නෙ ඇයි?මේක ගැන විද්වත් සාකච්ඡාවක් ඇති උනා පහුගිය දවසක අපේ පීඨ පරිශ්‍රයේ ආපනශාලා මණ්ඩපයෙදි.බොහොම විද්වත් උගත් පරිණත දැනුමෙන් සන්නද්ධ මම වගේ අය තමා මේකට සහභාගි උනේ.සාකච්ඡාව ආරම්භයට ප්‍රස්තුතය උනේ මගේ මිත්‍රයෙක් වර්ථමානයේ පැටලී ඉන්න යෙදිලා තියෙන ස්ත්‍රී පාශය, එහෙම නැත්තං කාන්තා උගුල.මිත්‍රයාට කෙල්ලෙක් සෙට් වෙලා මේ අන්තර් ජංජාලෙං.මේකෙං සෙට් වෙලා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නෙ පරණ පවුලේ මිත්‍ර සම්බන්ධකමක් අළුත් වීමක්.මේ කෙල්ල බොහොම හෘදයාංගම ලෙංගතුකමකිං කියා හිටිනවලු මූට ආදරෙයි කියලා.මූත් කැමතියි.ඉතිං මොකක්ද අවුල?.

මේ කෙල්ලට කොල්ලෙක් දැනටත් ඉන්නවලු.ආ.....ඔව් චපල කෙල්ලෙක්.කෙල්ලගේ ඒ ප්‍රේම‍යට දැං වසර පහක් විතරලු.ඔන්න දැං මේ කෙල්ලට තේරෙන්න පටං අරං අර කොල්ලා තමන්ට ගැලපෙන්නැහැ කියලා.ඒකටත් හේතුවක් තියෙනවා.ඒ කොල්ලා, ඒ කියන්නෙ මගේ මිත්‍රයාට පෙම් කරන මේ කෙල්ලගේ වර්ථමාන ප්‍රේමවන්තයා මේ මෑතකදි රිය අනතුරකට ලක්වෙලා මුහුණ තරමක් විකෘති වෙලාලු.ඒ විතරක් නෙමෙයි දැං මානසිකවත් අස්ථාවරභාවයක්ලු ඉන්නෙ.ඉතිං ඔන්න කෙල්ලට මතක් වෙනවා මේ කොල්ලා තමන්ට මෙච්චර කල් නීති දාගෙන තමංව යටත් කරගෙන හිටියා කියල.ඒ අවු අස්සෙ ඒ දෙන්නගෙ කේන්දර ගැලපෙන්නෙත් නැහැ කියලා ඒ අයගෙ ගෙවල්වල කට්ටිය හොයාගෙන තිබුණා.ඉතිං කෙල්ලගෙ ගෙදරිං මේකට එහෙමට කැමැත්තක් දැක්කුවෙ නෑලු.ඒ මදිවට මේ කොල්ලට හරි හමං රස්සාවකුත් නෑලු.මේ කෙල්ල චපලයි කිව්වට චපලම නෑ.මොකද මගේ මිත්‍රයට ආදරෙයි කිව්වට මිත්‍රයට කිව්වලු ඌත් එක්ක එන්න බෑ මොකද අර කොල්ලට ද්‍රෝහි වෙන්න බැරි නිසා සහ කෙල්ලගේ සහ අර කොල්ලගේ නෑදෑ හිත මිත්‍රයො කතා කියයි කියලා.

ඔන්න අපේ ප්‍රස්තුතය.ඔය යටතේ මෙහෙයවුනු අපේ සාකච්ඡාවෙදි අනාවරණය උනු කාරණයක් තමා තමන්ගෙ හිත ගිය කොල්ලා තමන්ට තෝරගන්න නොහැකි වීම කෙල්ලෙක් චපල වීමට බලපානවා කියන එක.ඒ කියන්නෙ කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හැඟීමක් පහල උනාට ඒ කෙල්ලට බැහැනෙ ගිහිං කොල්ලට කියන්න "මම ඔයාට ආදරෙයි ඔයා මොකද කියන්නෙ?" කියලා.ඉතිං එහෙම ඇහුවොත් වෙන්න කෙල්ල හෙන බඩ්ඩක් කියල හංවඩු ගැහෙන එක.

ඒක මේ සමාජයේ අවුලක්.කොච්චර අයිතිවාසිකම් විමධ්‍යගත කරන්න හැදුවත් කෙල්ලෙකුට මේ සමාජයෙන් අන්තිමටම බලාපොරොත්තු වෙන්න වෙන දෙයක්.කෙල්ල එහෙම අහලා කොල්ලා කැමති උන සිදුවීම් දෙක තුනක් මම දන්නවා.නමුත් ගොඩක් වෙලාවට (අවධාරණය කරන්න ඕනෙ හැමතිස්සෙම නෙමෙයි කියන එක ) සිද්ද වෙන්නෙ කොල්ලා කෙල්ලගෙ ජීවිතෙත් එක්ක සෙල්ලං කරන්න පටං ගන්න එක.මොකද සම්බන්ධයට මුල පිරුවෙ කෙල්ල නිසා කොල්ලට ඒකෙ වටිනාකමක් නෑ.

ඉතිං මේකෙ අවසන් ඵලය විදිහට කෙල්ලන්ට සිද්ද් වෙනවා තමංගෙං ප්‍රේමය පතන කොල්ලට කැමැත්ත දෙන්න.ඒක හරි අසාධාරණයි කියල මට හිතෙනවා.මොකද කොල්ලෙක්ට පුළුවං ඕනෙම කෙල්ලෙක්ගෙන් ප්‍රේමය ඉල්ලන්න.ඒත් කෙල්ලෙක්ට සිද්ද වෙන්නෙ තමංගෙන් ප්‍රේමය පතන අතලොස්සෙං එකෙකුට කැමති වෙන්න.හැබැයි ඒක සාධාරණීකරණය වෙන්නෙ කොල්ලෙක්ට ඕනෙ කෙල්ලෙක්ගෙන් ප්‍රේමය පතන්න පුළුවං උනාට ඌට කැමති වෙන්නෙ අතලොස්සක් කෙල්ලො විතරක් වීම නිසා.

ඉතිං කෙල්ල එකෙකුට කැමැත්ත දීලා ටික කාලයක් ගියාට පස්සෙ කෙල්ලගෙ හිතේ ඇඳිලා තියෙන රූපෙ තියෙන ඈ පතපු ගතිගුණ තියෙන කුමාරයා සුදු අස්සයෙක් පිටේ නැගලා ඇවිත් කෙල්ලගෙන් ආදරේ ඉල්ලපුවාම ඒ කෙල්ල දෙගිඩියාවට පත් වෙනව තමයි.කොල්ලන්ට වෙන්නෙ මේක නෙමෙයි.උන් තමන්ට හිත ගිය රූපෙ තියෙන කෙල්ලෙක් හොයලා යාලු වෙනවා බොහෝවිට.ඒත් කෙල්ලගේ නියම ගති ස්වභාව එළියට එන්නෙ ටිකක් කල් ගියාම.අන්න එතකොට කොල්ලා චපල වෙන්න පටං ගන්නවා.

කොහොම උනත් මගේ මතය ප්‍රේමය කියන්නෙ ඔය 'එයා මගේ දිහා බැලුවා, අපේ නෙත් එකට ගැටුනා, ලෝකය නැවතුනා, අපි අසීමිත පෙමකින් බැඳුනා.' කියන ජාතියෙ එකක් නෙමෙයි.ප්‍රේමය කියන්නෙ දෙන්නෙක් අතරෙ අන්‍යොන්‍ය අවබෝධය, විශ්වාසය ක්‍රමයෙන් ගොඩනැගීම හරහා වෙන දෙයක්.ඔය සාහිත්‍යය (බොළඳ ඒවා විශේෂයෙන් ) රූපවාහිනිය සහ සිනමාව ආදිය නිසා තමයි මේ ප්‍රේමයට අනවශ්‍ය ආටෝපයක් ඇතිවෙලා තියෙන්නෙ.

පුළුවන්තරම් විවිධත්වයෙන් යුත් මිනිස්සු ඇසුරු කරන්න.මිත්‍රත්වය තුලින් ප්‍රේමයට නිදහසේ වැඩෙන්න දෙන්න.සිනමාවෙ සාහිත්‍යයේ සින්තටික් ප්‍රේමවලින් වියුක්ත වෙලා යථාර්තවාදී වෙන්න.එහෙම නොවුනාම තමයි කෙල්ලො හා කොල්ලො මේ සතියෙ එකෙකුට බූට් එක තියලා ලබන සතියෙ තව එකෙක් එක්ක පැණි බේරෙන්න ලව් කරන්නෙ.මොකද අර සින්තටික් ප්‍රේමය අපේ යටිහිතට ආමන්ත්‍රණය කරනවා තාරුණ්‍යයට සම්පූර්ණ වීමට ප්‍රේමය අත්‍යාවශ්‍යයි, කොහෙන් හෝ අහුලාගන්නා ඒ ප්‍රේමය මුල සිට අගටම පැණි බේරෙන එකක් විය යුතුයි කියලා.ඉතිං අපේ තාරුණ්‍යය ඒ කාරණා සම්පූර්ණ කරන්ඩ ව්‍යාජ හැඟීම් ඇතුලෙ වල්මත් වෙනවා.

අපි පව් !

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Deeps said...

මිත්‍රත්වය තුලින් ප්‍රේමයට නිදහසේ වැඩෙන්න දෙන්න!! well said

coolchiran said...

කාරනේ නම් සහතික ඇත්ත..,තමන් කැමති කෙල්ලෙකුට දැකපු ගමන් වැඩිදුර හිතන්නෙ නැතුව"මං ඔයාට ආදරෙයි" කියල වැඩ වරද්ද ගන්නවට වඩා හොඳම දේ,තමන් කෙල්ලකුට කැමතිනම් යාලුවෙක් විදියට දෙදෙන්නාගෙම ගතිගුන අඳූර ගන්න පුලුවන් විදියට ඇසුරු කරල(අමාරුවෙ වැටෙන් නැතිව) ඒ අත්දැකීම් මත ඒක ආදරයක් බවට පත්කර ගැනීම හෝ නොගැනීම යි කරන්න ඕන...ඕං කිව්ව.....

sameera said...

චපලයි කියන එකට නියම පිලිතුරක් අද ලැබුනා කියල හිතනව මොක්ද මං දැකපු හොදම විවේචනය මේ සම්භන්ධව ......... ස්තුතියි ,
ඔන්න මූනු පොතේ පොඩි ඇඩ්වර්ටයිසින් පාරක් දුන්නා.....

දිනුක said...

@deeps : ඉස්තූති වේවා සහෝදරී.....

@Chiran : සහතික ඇත්ත..

@sameera : බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා.....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන