අමුතු ඉලන්දාරියා

Sunday, July 31, 2011

"මට නාට්‍යයෙන් අයින් වෙන්න ඕනේ- " රාධා නැන්දා ඇය දෙස නොබලා ම කීවාය.
"මට ඇත්තටම කනගාටුයි ළමයා-" හිස සැලූ ඩොරිස් ආන්ටි කීවාය
මොහොතකට පසු ඇය අවසාන ජනේලයද වසා අගුලු දැමුවාය. සිදු වූ සියල්ල මට ගම්‍ය වූයේ- කාරණා කාරණා ඇති ව මුළුමනින් ම අවබෝධ කොට ගත හැකි වූයේ එවිට ය. දැන් එය කෙතරම් පැහැදිලිව දිස්වේද යත් කලින් මා එය නොදැක සිටීම ගැන රාධා නැන්දා...ගේ හිසේ වෙළා තිබුණ ලේ තවරුණ වෙළුම් පටිය දුටු මොහොතේ ම අනිල් සමග පැවති ඇගේ සම්බන්ධය කෙළවර වී යයි අවබෝධ නොවීම ගැන මම පුදුම වීමි.

පිටුව 113
සරසවි ප්‍රකාශනයක්
ෂ්‍යාම් සෙල්වදුරයි - ෆනී බෝයි
පරිවර්තනය
සුගතපාල ද සිල්වා -

මේ පොත තමා මන් අන්තිමට කියවපු පොත. මේක මගේ සිත්ගත්තා. මොකද මේකේ තියෙනවා 83 ජූලි කලබල වලදි ඔවුන්ට සිදුවූ දෙය ගැන ඔවුන්ගේ ඇසින් දැකපු දේවල්. අපිට ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙන්නේ සිංහල අය විසින් කියන විස්තර ඒත් මේ පොත ලියූ ද්‍රවිඩ ලේඛකයා විසින් ඒ කලබල වලදී ඔවුන් මුහුණපෑ තත්වය ඔවුන් කෙතරම් බියට පත්වූවාද යන වග විස්තර කරලා තියෙනවා. ඒ වගේ දේවල් අපිට ගොඩක් සමීප නැහැ. ගැටළුවක් දෙස හැමපැත්තකින්ම බලන එක ඒ ගැන මීට වඩා සාධාරනව හිතන්න හේතුවක් වෙනවා කියලා මට හිතෙන්නේ.

ඒ ගැන කියන්න නෙමෙයි හැදුවේ මේ පොතේ ඉහතින් උපුටලා තියෙන කොටසේ යොදාගෙන තියෙන සලකුණු වලින් මන් තේරුම් ගත්ත දේ ගැන කියන්න. රාධා සහ අනිල් ප්‍රකාශයට පත් නොවුනු පෙම්වතුන් රාධා දමිල යුවතියක් අනිල් සිංහල තරුණයෙක්. ඔවුන් ගෙවල් වලට හොරෙන් විවාහ වෙන්න තරම් හිතාගෙන ඉන්න වෙලාවක රාධා යාපනේ ගිහින් එද්දි සිංහල මිනිස්සුන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. එතනදී රාධාට සියළු සිංහලයන් එපා වෙන්නේ අනිලුත් ඇතුළුව. මට හිතෙන විදිහට ඩොරිස් ආන්ටි අවසාන ජනේලය වසා අගුල දැම්ම කියන එකෙන් රාධා අනිලට ඇගේ හදවතට ඇතුළු වෙන්න තියෙන සියළු ඉඩකඩ වසා දැම්මා වගේ දෙයක් කියවෙනවා. මේ මන් තේරුම් ගත්ත හැටි සමහර විට එකේ අර්ථය වෙන දෙයක් වෙන්නත් පුළුවන්.

මේ වගේ නවකතා, කෙටි කතා, නාට්‍ය, ගීත වැනි නිර්මාණ වල යමක් කෙලින්ම පවසන්නේ නැතුව විවිධ සලකුණු භාවිතා කරලා යම් යම් දේවල් පාඨකයන්ට කියනන් උත්සාහ කරනවා. මේ වගේ නිර්මාණ ගොඩක් වෙලාවට සම්මානයට පාත්‍ර උනාට සාමාන්‍ය මිනිසුන් අතර එතරම්ම ජනප්‍රිය වන්නේ නැහැ . මට හිතෙන විදිහට ඒ එම නිර්මාණවලින් පැවසෙන දේ ඔවුන්ට නොතේරෙන නිසා වෙන්න පුළුවන්. කිසියම් නිරමාණයක් මේ ආකරයේ විවිද සලකුණු භාවිතය ඒ නිර්මාණයට සුන්දරත්වයක් එකතු කලත් ඒකෙන් වෙන්න ඕනේ දේ සිද්ද වෙනවද කියලා සැකයක් නම් ඇති වෙනවා. යමක් සරල ලෙසින් ඉදිරිපත් කරන නිර්මාණ එතරම් සොඳුරු නොවුනත් ඒවායින් කියන දේ කෙලින්ම පාඨකයන් අතරට යනවා .

මන් ගොඩක් වෙලාවට අළුත් වේදිකා නාට්‍ය එහෙම බලන්න යනවා ඒත් ගොඩක් ඒවායින් කියන පණිවිඩය මට තේරෙන්නේ නැහැ. මොකද ඔවුන් පණිවිඩේ දෙන්න භාවිතා කරන සලකුණු මට නොතේරෙන නිසා. ඒ විදිහට අනික් මිනිස්සුන්ට නොතේරෙන දේවල් මගින් පණිවිඩයක් දෙන්න හදන එක සාර්ථකද මන්දා මොකෝ පණිවිඩේ ප්‍රකාශ කරන විදිහ සමහර විට ලස්සන වෙන්න පුළුවන් ඒත් කියන දේ නොතේරෙන්න පුළුවන් නිසා.

පොත ගැන තවත් විස්තර
ශ්‍යාම් සෙල්වදොරෙයි - අමුතු ඉලන්දාරියා
"අමුතු ඉලන්දාරියා" | ෂ්‍යාම් සෙල්වදුරයි සමග කතාබහක්

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පොත් ගුල්ලා said...

මේ පොත මගෙත් බොහොම සිත්ගත් කෘතියක්. සිංහල පොත කියෙව්වට පස්සේ මුල් ඉංග්‍රීසි පිටපතත් මම හොයාගෙන කියෙව්වා.
ශ්‍යාම් සෙල්වදුරෙයි දක්ෂ ලේකඛයෙක්. එයාගේ අලුත්ම පොත තමා "Swimming in the Monsoon Sea".

said...

ඒ පොතේත් සිංහල පරිවර්ථනයක් තියෙනවා මෝසම් මුහුදේ පිහිනීම කියලා ඒක නම් තාම බලන්න බැරි උනා

Post a Comment

පි‍ටු පෙරලපු ගාන