ලංකාවේ රියලැටි කලාව

Sunday, July 31, 2011
රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows කියලා මම කලින් ලියපු ලිපියේම දිගුවක් විදියට තමයි මේ පොස්ට් එක සිතුවිලි පවුරට දාන්න කියලා හිතුවේ.මුල් පොස්ට් එකේදී මට මගහැරුණු කරුණු සමහරක් ප්‍රතිචාර විදියට දන්වපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.

ලංකාවේ හැදුන ගොඩක්  රියලටි  වලට අභාෂය ලැබුනේ American Idol නැත්නම් Pop Idol  කියන වැඩසටහන් වලින්. වෙන රටකම වගේම SMS මනාප ක්‍රමය අපේ රටේ රියලටි ෂෝ වලටත්  යොදා ගත්තා.ඔය කෙටි පණිවිඩ ක්‍රමය ලංකාව වගේ රටකට ගොඩක්ම සාර්ථක ක්‍රමයක් නෙවයි කියන එක තමයි ගොඩක් අයගේ මතය.එක දුරකතනයකින් අසීමිත කෙටි පණිවිඩ ප්‍රමාණයක් යවන්න හැකි වීම , මේ ජාතියේ තරග ආරම්භ කරන කාලයේදී ලංකාවේ දුරකථන ව්‍යප්තිය ගොඩක් වර්ධනය වෙලා නොතිබීම ඒ හේතුයි.( දැන් නම් ලංකාවේ කා අතේද ජංගම දුරකතයනක් නැත්තේ).

ඔය තරග වල තියෙන පොදු ලක්ෂණයක් තමයි ජයග්‍රහණය කරන කෙනා ට වඩා තරගය තුලදී ජනප්‍රිය නැත්නම් ඉස්මතු වන වෙන කෙනක් ඉන්නවා.American Idol ගත්තත් ලංකාවේ රියලටි  ගත්තත් ඔය දේ පොදුයි.උදාහරණත් ඕනනම් මම කියන්නම් අජිත් බන්ඩාර ට වඩා ශිහාන් මිහිරංග ජනප්‍රියයි , ප්‍රදීප් රංගනට වඩා සුරේන්ද ජනප්‍රිය යි ,උදේශ් ඉන්දුලට වඩා චින්තක මලිත් ජනප්‍රිය යි. American Idol ගත්තොත් Taylor Hicks ට වඩා Chirs Daughtry ද , Kris Allen ට වඩා Adam Lambert  ජනප්‍රියයි. දක්ෂතාවය සහ ජනප්‍රියත්වය එකිනෙකට වෙනස් කාරණා දෙකක් තමයි.හැබැයි මම  කියන්නේ උත්සාහ කරේ රියලටි වල පොදු ලක්ෂණයක්.

ඔරිජිනල් පොස්ට් එකට ආපු ප්‍රතිචාර වලින් තව එක දෙයක් මට දැනුනා.ඒ තමයි නාලිකාවලින් කොච්චර කෑ ගැහුවත් , කොයිතරම් මවා පෑවත් මෙම වැඩසටහන්වලට තියෙන ඉල්ලුම එන්න එන්නම අඩු වෙන බව.එහෙම කියන්නේ අපි අතරේ ඉන්න ගොඩක් දෙනෙක් කියන්නේ "අපෝ..ඕවගෙන් දිනන්නේ ඉතින් සල්ලි වියදම් කරන්න පුළුවන් මිනිස්සුනේ කියලා".කතාවේ වැරැද්දක් නැහැ.එක යාලුවෙක් කියලා තිබ්බා එයාගේ විශාරද විභාගය සමත් යාලුවක්‌ටවත් මේ තරගයක ඉදිරියට යාගන්න බැරි උනා කියලා.

අනිත් දේ තමයි සමහර ලංකාවේ මාධය ආයතන විසින් සිදුකරපු සමහර සමහර දේවල් නිසා ප්‍රේක්ෂකයන් මේ වැඩසටහන්වලින් ඉවත් උනා කියන් එක.සමහරු තමන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න "ගොන්-පාට්" එහෙමත් ඉතින් දැම්මනේ.හිකිස්‌.මගේ පුද්ගලික විශ්වාසයට අනුව සිරස සහ දෙරණ මගින් කරන රියලැටි වැඩසටහන් ජනප්‍රිය සහ ගුණාත්මක අතින් ඉදිරියෙන් ඉන්නවා.

හැම තරගයකින් එන තරු වලට ගොඩක් දුරට වෙන පොදු දෙයක් තියෙනවා.ඒ තමයි "උල්කාපාත" වගේ ඒ තරු කඩාගෙන වැටෙන එක.ඒකටත් ඉතින් හේතු එමටයි.හැම ආධුනික ගායකයෙක්ම ගායනා කරන්නේ ලංකාවේ ජනප්‍රිය අයගේ ගීත.ඉතින් ඔය කට්ටියට SMS යවන්නේ එයාල ගීතය කියනවටත් වඩා මුල් ගීතයට/මුල් ගායකයාට තියෙන කැමැත්තට.ඉතින් කවදා හරි තමන්ගේම කියලා ගීතයක් ඉදිරිපත් කරාමත් මිනිස්සු හිතන්නේ " මෙයාට මේ වගේ සින්දු කියන්න බැහැ..මෙයාට අරයගේ සින්දු නම් ලස්සනට කියන්න පුලූවන්" වගේ දෙයක්. නම් නොකිව්වට දැන් ඔයාලගේ හිතට ඕනෑ තරම් උදාහරණ එනවනේ. ඔය දෙයින් මිදිලා ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ජෝතිපාල ගේ සින්දු ලස්සනට කිව්වා කියලා ජෝතිපාල වෙන්නත් , රූකාන්තගේ සින්දු ඒ වගේ කිව්වා කියලා තවකෙනෙක්ට රූකාන්ත වෙන්නත් බැහැ.

මේ ඉදිරි කාලය ලංකාවට ගොඩක් තරු පායන්න ඉන්න කාලයක්නෙ.ඔය පායන්න ඉන්න තරු මම ඉස්සෙල්ලා කිව්වා වගේ උල්කාපාත නොවී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට යමක් කමක් කරන්න පුළුවන් දක්ෂ තරු වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.හැබැයි එහෙම නොවුනා කියලා ඔය මොන නාලිකාවක්වත් තමන් කරන රියලැට් ෂෝ නවත්වන්නෙවත් , ප්‍රේක්ෂකයො ඕවා බලන ඒක නවත්වන්නෙවත් නැහැ.ඒකනම් සියයට දෙසීයක් විශ්වාසයි.

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

මේවට ගොන් දේශපාලකයොයි හරක් දේශපාලනයයි සම්බන්ද නුනා නම් හොඳ වෙන්න තිබුන අනිත් රටවල වගේ. අපේ රටේ හැම මගුලම දේශපාලනීකරණය වෙලානේ..

Anonymous said...

wow.......fatta post luv dis sooooooooooooooo much

Post a Comment

පි‍ටු පෙරලපු ගාන