පෙඟුණු පොල් අතු

Saturday, July 2, 2011

බාල සන්දියේ

දැකපු සිහිනයේ

සුවඳ විඳි අතීතේ

මතකනැතිදෝ පෙඟුණු පොල් අතු

වියන්නට පෙර වේලුණා

පොල්වලේ පල්

දුඟඳ හමනා

පවන එන විට

අතීතේ

දැනුනු කටුකය

දවයි මා සිත

අපමණින්

තැළුණු පොල් ලෙලි

පදම් වූ සැටි

දනී මා අත කරගැටී
නමමි හිස මා ලෙලි වලට
මං දෙ අත් සමගින්
හදවතින්
නගමි නාදය නලා ශබ්දය
පසුකරන ඒ වල ලඟින්
තබිමි පඬුරක් කොලු අතේ
මම
එදා මා එය ලද ලෙසින්
නැගුණි කඳුලක්
පෙඟුණු පොල් අතු
වලෙන් ගොඩ ආ ජීවිතේ
කියා දුන් ඒ පාඩමින් .....................................

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

පෙඟුණු පොල් අතු
වලෙන් හමනා
දුගඳ සුවඳයි
මිනිස් ගුණයෙන්

සුභා සහ සුරේ said...

ඒ සුවඳමයි
තවම මා තුළ
නොනැසි මනුසත් කම
රකින්නේ

Dedunu Dhananjaya said...

මම මේ බ්ලොග් සයිට් එකට ආවේ http://paala4u.blogspot.com/2011/07/blog-post.html තියන ‍කමෙන්ට්ස් දැකලා මම හිතන්නේ ඇත්තටම අපි හැමෝම ආදරයෙන් පැරදිලා අත්දැකිම් තියෙන්න ඕනේ කියලා.

Dedunu Dhananjaya said...

පෙර පල කරන ලද ප්‍රතිචාරය අත් වැරදීමකි.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන