පන්තිය මැද....

Thursday, July 28, 2011
පන්තිය මැද පිපි ලස්සන සුදු මල
ඔබ දැක මගෙ සිත ඇයි මේ කලබල
පොත අමතක කර ඔබ දෙස බල බල
ඉදලම නෙතු මත බැදිලා පෙම් දැල

අවසර දෙනු මැන පෙමින් වෙලෙන්නට
ඔබේ අත ගෙන පෙම් බස් තෙපලන්නට
මොහොතක් රහසින් තනිවී ඉන්නට
දෙනු මැන අවසර සොදුරියෙ මා හට

ඉගිකර දග කර තාලෙය යනවිට
සුරපුර සුරලිය වැනි ඇය සුන්දර
මන් කෙසේ සිටින්නද ඉවතබලා
යන විට ඈ මා දෙස බල බලා

පෙර දග වැඩ නෑ ඇය හරි නිසලයි
ඈ දැක මගෙ හදවත දැන් සසලයි
පෙම්බරා අත ඈ තුරුලුව සිටිනා
දැක බසයෙදි මගෙ ලොව බිද වැටුනා

පන්තිය මැද පිපි ලස්සන සුදු මල
ඔබ දැක මගෙ සිත ඇයි මේ කලබල
පොත අමතක කර ඔබ දෙස බල බල
ඉදලම නෙතු මත බැදිලා පෙම් දැල

මේක අපි අකුරු කරපු ඉස්කෝලෙ අපි කට්ටිය එකතු වෙලා ලියපු සින්දුවක්.... ලස්සනයි නේද...

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

coolchiran said...

ඔහොම තමා ජීවිතේ.......පොත ගොඩදාගත්තනම් ඕනතරම් මාලු අල්ලගත්හහැකි.....:D

රතු මුහුද said...

ඇසට කදුලක් සමග අපසු පාසල් කාලයට යන්න ලැබුණා.

චතුර විජේකෝන් said...

ඇත්තටම ලස්සනයි... තුන්වැනි කවියේ පළමු පේලි‍යේ

"ඉඟිකර දඟ කර තාලයෙ යනවිට" කියා වෙනස් විය යුතුයි නේද?

ප්‍රින්ටින් මිස්ටේක්ස්..!

දිගටම ලියමු.

Shantha Deepthi said...

Machan mata meke mp3 aka tiyanawa nm awahanko kaaleka idan hewwa sinduwa hamba une na

2005 2006 wage kale giyapu sinduwak oka

Post a Comment

පි‍ටු පෙරලපු ගාන