පිස්සුද තාත්තෙ?? ඔය ඉරිසියාකාරයන්ගෙ කතා...

Monday, July 11, 2011






මේක මගෙ බ්ලොගේ ලියපු කතාවක්. පරණ කතන්දර වලට ලින්ක් ටිකක් එක්ක සිතුවිලි පවුරට ලියන්ඩ කියල හිතුවා..


ඔය හැම දේටම තියෙනවනෙ වාරයක් කියල එකක්., ඔය අඹ වලට, කොස් වලට (අර සඳරු කිව්ව වගේ) ආදී නානාප්‍රකාර දේවල් වලට, ඒ වගේ මේ දවස් වල කොල්ලගෙ බ්ලොගේ තියෙන්නෙ පැරණි රස කතා වාරෙ. පැරණි රස කතා කියන්නෙ ඉතිං මඩ තමයි. ලඟදි මුක්කුවට ආරංචි වෙලා කොල්ල මුක්කුවගෙ කතා බ්ලොගේ දානව කියල, මුක්කුව කොල්ලට කතා කරල සෑහෙන්ඩ ස්තූති කරා. ඒව තව යාලුවො දෙන්නෙකුත් අහගෙන ඉඳල උන්ටත් හරිම සන්‍තෝසයක් ඇති උණා මුක්කුව කොල්ලට ස්තූති කරපු හැටි අහල 



මේ කතාව ඇවිත් රන්දිකය ගැන කතාවක්, අර කොම්පියුටර් පංති දාන්ඩ කාමර කුලියට දුන්නෙ. රන්දිකයල කොල්ලල සහ තවත් පොඩිම් යාලුවො කොටසක් ඔය උසස් පෙළ කාලෙට පස්සෙත් අඩුම ගානෙ සතියකට දෙකකට වරක්වත් මධ්‍යසාර ටිකක් තොල ගාන්ඩ හරි එක්කහු වෙනවා. ඔය කට්ටිය අතරෙ කොල්ල අනිවාම ඉන්නව මොකද කොල්ලට තියෙනව ෆෝබියා එකක්  (ෆෝබියා ගැන දැනගන්ඩ ඕනෙනම් මෙතනින් බලන්ඩ) ලංකාවෙ සහ ලෝකෙ අනිත් රටවල් වල අරක්කු ඉවර වෙයි කියල හැඟීමක් හිතට එනව හැමදාම වගේ හවසට.  කොල්ලට අමතරව රන්දිකය, අර බුවා, ලඟදිම කරළියට බහින්ඩ ඉන්න සයිලර් සහ එදාට සෙට් වෙන කවුරු හරි වගේ තමා ඉන්නෙ. ඉතිං කොල්ලටයි සයිලර්ටයි තමා තමුන්ගෙ රෝද තිබ්බෙ ඒ දවස් වල ඒක නිසා කොල්ලයි සයිලරුයි  පොඩි ප්‍රවාහන සේවෙකුත් කරනව මධ්‍යසාර වටේ ඉවර උණාම. ඔය වගේ හැමදාම අනුමත උණාම රන්දිකය යන්නෙ ගෙදර නෙමෙයි.


ඔන්න දැනුයි කතාව හරියටම පටන් ගන්නෙ. ඔය රන්දිකයට හිටිය ප්‍රියම්බිකාවක්, නම කියමුකො නිරෝධා කියල. රන්දිකයත් ඉතිං සමහර වැඩ කරන්ඩ ගියාම අර ගෙරි මස් බෙල්ලෙ එල්ලගෙන කනව කියල කතාවක් තියෙන්නෙ ඒ වගේම තමයි මිනිහගෙ වැඩත්. ඉතිං ඔය ආදර කතාව මොන වගේද කියල මම කලින් කියපු ගෙරි මස් බෙල්ලෙ එල්ලගත්ත කතාව ඇහුවහම හිතාගන්ඩ පුලුවන් ඇති කියල හිතනවා. ඉතිං රන්දිකගෙ වීර ක්‍රියා පොඩ්ඩක් පොඩ්ඩක් වගේ ඒ පලාතෙ ප්‍රසිද්ධ වෙන්ඩ වැඩි කාලයක් ගියේ නැහැ. ඒ ළමයගෙ (නිරෝධා) ගෙදර උදවිය හිටපු ගමන් ඔය ගමන් බිමන් යනව උනත් ළමයව දාල යන්නෙ ඒ කාලෙ උසස් පෙළ පන්ති පාඩු වෙන නිසා. ඒ වගේ දවස් වලට ඉතිං රන්දිකයට රජ මගුල් වගේ තමයි රිංගනව අර පාළු ගෙදරට රෑ වෙලා. ඔහොම කාලයක් යනකොට අපේ මිනිස්සුන්ගෙ ප්‍රියතම විනෝදාංශ වලින් එකක් වෙච්ච ඕප දූප වල පිහිටෙන් රන්දිකලගෙ ගෙවල් අවට කට්ටිය  මේ ආදර අන්දරය ගැන කසු කුසු ගාන්ඩ පටන් ගත්තා. ඒ මදිවට පවුලේ හිත සුව කැමති (කුඩුකේඩු) මනුස්සයෙක් ඕක රන්දිකගෙ තාත්තගෙ කණෙත් තියල තිබ්බෙ පවුලේ යහපත තකාමයි. ඊට පස්සෙන්දා මෙන්න මෙහෙමයි සංවාදෙ


තාත්තා - රන්දික! මෙහෙ එනව
රන්දික - ඇයි තාත්තෙ?
තාත්තා - මට තමුන් ගැන පොඩි ආරංචියක් ආවා. ඒක ඇත්තද කියල බලන්ඩ මේ කතා කරේ.
රන්දික - (:o) මේ මං ගැන ආරංචියක්??
තාත්තා - ඔව්. මේ අර නිරෝධා කියල ලමයෙක් ඉන්නෙ, ඒ ගෙදරට තමුසෙ ඒ ළමයගෙ අම්මල තාත්තල නැති දවසට රිංගනව කියල මට කෙනෙක් කිව්ව. ඇත්තද ඒ කතාව?
රන්දික - පිස්සුද තාත්තෙ?? ඔය ඉරිසියාකාරයන්ගෙ කතා... මම ඒ වගේ දෙයක් කරයි කියල හිතනවද? අනික කරත් අහු වෙන්ඩ කරන්නෙ නැහැනෙ (:p)
තාත්තා - හ්ම්ම්..... යනව යනව යන්ඩ ආපු දිහා..


ඔන්න ඊට පස්සෙ රන්දිකය සැපසේ ඉන්නව පරණ පුරුදු චර්යා රටා පොඩ්ඩක්වත් වෙනස් නොකර. ඔය ඉන්න අතරෙ එක දවසක් කට්ටිය සෙට් වෙල ඉන්න අතරෙ රන්දිකයට එනව එස්.එම්.එස් එකක්. කාගෙන්ද දන්නවද? අර නිරෝධගෙන් (වෙන කාගෙන්ද) "රන්දික, අද අම්මල නැහැ, ඔයාට වැඩක් නැත්තම් එන්ඩ". අපිත් ඉන්න තැන  ඕක දිග අරින්ඩ බැරි කමක් නැහැනෙ අපි ඔය විස්තරේ හොඳටම දන්නවනෙ. මූ ඉතින් පුකට (අසභ්‍ය නැත) පෙට්‍රල් ගහපු සුනඛයා වගේ දිව්වෙ නැද්ද. අපිත් ඉතිං අපේ වැඩේ ඉවර කරල ගෙවල් වලට සැපත් උනා.


පස්සෙ දවසෙ රන්දිකයගෙන් කිසිම ආරංචියක් නැහැ. කෝල් එකක් දුන්නම ඌ කියනව රහසින් වගේ " මචං මම හෙට දිහාට සෙට් වෙන්නම් හරිද" කියලා. අපිත් ඉතිං බලා හිටියා පස්සෙ දවස වෙනකම්.


පස්සෙ දවසෙ රන්දිකය ඇවිත් අපිට දුන්න තත්ව වාර්තාවක්.


රන්දිකගෙ තාත්තට අර කලින් කියපු මනුස්සයම එදා රෑ රන්දිකය නිරෝධලගෙ ගෙදර ගියා කියල ආරංචිය දීල. තාත්තා මේක බලන්ඩත් එක්ක නිරෝධලගෙ ගෙදරට ඇවිත් දොරට තට්‍ටු කරල. නිරෝධ ගිහින් ඉතිං දොර ඇරලා තියෙනවා. රන්දිකයගෙ තාත්ත ඉතිං වෙන උවමනාවකට ආව වගේ විස්තරයක් අහන්ඩ යනකොටම රන්දිකය ඇවිත් කාමරෙන් එලියට සරමක් ඇඳ ඇඳ "කවුද නිරෝධා ඔය යාලුවෙක්ද පැය ගනන් කතා කර කර ඉන්නෙ" කියන ගමන්.


ඊට පස්සෙ ඉතිං තාත්ත " ඉරිසියාකාරයො කියපු කතාවක් අහගෙන යන්ඩ මම ආවෙ, මෙහෙ වර" කියල කණට එකක් ගහල ඇදගෙන ගිහින් කාර් එකේ දාගෙන ගෙදර ඇවිත්. 

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

~ChAnDiKa~ said...

හික් හික් :D

ශානි said...

හිකිස්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන