ඔයාලා ඔයාලගේ ජිවිත වලට ආදරේයිද

Saturday, August 6, 2011
සිතිවිලි පවුර තුල ගැජට් ගැන පමනක් මෙතෙක් කතා කල දේවාගෙන් හිතන්නට යමක්

ඔන්න මේක මගේ ආදරේ ගැන පොස්ට් එකක්වත් නිකමට කියවන විකාරයකුත් නම් නෙමේ හොදද????

මට නිකමට හිතුන එත් හැමොටම හිතන්න පුලුවන් තේරුම් ගන්න ඕනා කියලා හිතුන නිසා මම මේක  බ්ලොග් එකට දාන්නේ.. (මෙය මිට පෙර දේවා ගේ අඩවියේ පලවුවකි)

ඉස්සර වෙලා ම මම පුන්චි ප්‍රශ්නයක් අහනනම්කෝ.. හිතට එකගව උත්තරයක් දෙන්නකෝ...
ඔයා ඔයාගේ ජිවිතේට ආදරෙයිද?????

ම් ඔන්න ඔයාලා ගොඩාක් දෙනෙක් ඒකට කියන්න ඇති ඔව් මම මගේ ජිවිතේ ට ගොඩාක් ආදරෙයි කියලා....
ඒක ඇත්තද???? හිතන්නකෝ ටිකක් ඒක කරන්න පුලුවන්ද කියලා.....

කාට හරි තමන්ටම ආදරේ කරන්න පුලුවන්ද?? නිකමට හිතන්නකෝ පහනක් ලොකු ආලොකයක් දෙනවා අදුර නසන්න.. එත් පහන මුල අදුරුයිනේ....
ඔයාට ලොකේ පේන ඕන දෙයක් ඔයාගේ ඇස් දෙකෙන් බලන්න පුලුවන් ඒ හැම දේකටම ඔයාට ආදරේ කරන්න පුලුවන්.. එත් ඔයා ලගම ඉන්න ඔයා දිහා ඔයාට තනියම බලන්න පුලුවන්ද?????
එහෙම හිතනකොට කලින් දුන්නු උත්තරේ ගැන ආයේ පොඩ්ඩක් හිතන්න හිතෙනවා නේද????

තව දෙයක් මට නම් හිතුනා කලින්.... මම මට ආදරේ කරනවා කියන්නේ තනිකරම ආත්මාර්ථ කාමි හැගිමක් නේද??? ඕක ටිකක් හිත හිත ඉන්නකොට මට හිතුනා මෙහෙම මම හරිද දන්නේ නැ.. මම මට ආදරේ කරනවා කියන්නේ ආත්මාර්ථ කාමි හැගිමක් නෙමේ... එත් මම මම ගැන විතරක්ම හිතනවා කියලා හිතුවොත් අන්න එතනදි නම් ආත්මාර්ථ කාමි කියලා කියන්න පුලුවන්...

ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයාගේ සැප ගැන විතරයි... ඔයා කරන දෙයින් අනිත් කෙනාට හෙන ගැහුවත් කමක් නැ කියලා හිතුවොත් අන්න කලින් කියපු දේ වෙලා..

එතකොට මොකක්ද මේ මම ඔයාලගෙන් කලින් අහපු ඔයාලා ඔයාලට ආදරේ කරන්වද කියන එකේ තේරුම....
ආදරේ ගැන මොන තරම් සුන්දර වචන වලින් කොයි තරම් කතා කිවත් සරලව කියනවා නම් ආදරේ කියන්නේ මෙන්න මේකටනේ....
අදරේ කියන්නේ මොකක්හරි දෙයක් පිලිබදව හිතට දැනෙන ලොබකමට , මගේ කියන හැගිමට... ඒකනේ ඔයාලා කියන්නේ මගේ රතතරං (මමත් කියනව) මගේ යාලුවා, මගේ අම්මා , මගේ කෙල්ල... ඇයි මේ මගේ කියන කැල්ලක්... ඒ මම ඒ අයට ආදරේ කරන නිසානේ නේද?????

එත් මම මෙහෙම කිවොත්.....
ඔයාලා ඔයාට ආදරේ කරන්නේ නැ කියලා කියනවා නම්, එහෙමත් නැත්තම් මටත් වඩා මම මේ අයට ආදරෙයි කියලා කියනවා නම් මම කියනවා මේ අයට ඔයාලා ආදරේ නැ කියලා....
පිලි ගන්නවද?????

පිලි නොගත්තත් පිලි ගන්න වෙනවා... මොකද ඒක තමයි ඇත්ත....

ඔයා ඔයාට වඩා අදරේ කරන වෙන මුකුත් මේ ලොකේ නැ...  තව දෙයක්....ඔයාට ඔයාට අදරේ කරන්න බැරුව කොහොමද ඔයා වෙන කෙනෙකුට ඔයාට වඩා අදරේ කරන්නේ....
තමන්ට ආදරේ කරන කෙනෙකුට ඇත්තටම ගොඩාක් හොදට අනිත් අයට ආදරේ කරන්න පුලුවන්....

බලන්න කියන්න ඔයාට වැඩියෙන්ම වටින්නේ කාගේ ජිවිතේද කියලා මට කියනවද??? ඔයා දැන් ඔයාගේ පෙම්වතිය , බිරිද ගැන කිය්නවා...
එත් ඒ අයට ආදරේ කරන්න නම් ඔයා කියලා කෙනෙක් ඉන්න ඕනා නේද??? එහෙම ඉන්න නම් ඒ හැමොටම කලින් ඔයා ඔයාට ආදරේ කරන්නම වෙනවා...
ඔන්න පොඩ්ඩක් මම මෙච්චර වෙලා කියපු එක දැන් නම් ඔයාලට තෙරෙන්න ඇති......

මේ ලොකේ ඔයා අදරේ කරන ඕන කෙනෙක්ට ආදරේ කරන්න නම් ඔයා කියන කෙනාට ඔයා අදරේ කරන්නම වෙනවා.... මොකද එයාට තමයි පුලුවන් අනිත් අයට ආදරේ  කරන්න

මෙච්චර වෙලා කියපු දේ කෙටියෙන් කියන්නම්කෝ

ඔයාට අනිත් අයට ආදරේ කරන්න ඕනේ නම්.....
ඔයාට අනිත් අය ආදරේ කරන්න ඕනේ නම්.........
මේ ඔක්කොටම ඔයා කියන කෙනාව පරිස්සමෛන් බලා ගන්න
ගොඩාක් එයාට ආදරේ කරන්න.....

ඔව් ඔයාලා ඔයාලට ආදරේ කරන ගමන් ඔයාලා අදරේ කරන ඔයාලට අදරේ කරන අයට ආදරේ කරන්න ...

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

චතුර විජේකෝන් said...

හැම දෙයක්ම සාපේක්ෂයි දේවා. ඔබ ඉදිරිපත් කරන කරුණු හොඳ තර්ක මත පදනම් වෙලා තියෙනවා. ඒත් සර්ව සාධාරණ විග්‍රහයක් කරන්න ඔය කරුණු, තර්ක මදි.

උදා: අපි තුල ලෝභයක් නැති දේවල් වලටත් සමහර විට අපි, අපේ නැත්නම් මගේ කියලා කියනවා... උදාහරණයක් කියන්නද? මං පුංචි කාලෙ ගිය ඉස්කෝලෙ විදුහල්පති තුමාත් එක්ක මගේ පුදුම තරහක් තිබුණේ (ඒ දවස් වල ඒ සර් මට පෙරලන්නේ බාල්දි මයි. දැන්නම් හිතෙනවා ඔහු කොයි තරම් හොඳ කෙනෙක් ද වත්මන් ගුරුවරුන් එක්ක සැසඳුවාම කියලා.). ඒත් මං ඒ දවස් වල සර් ව හැඳින්වුවේ අපේ ප්‍රින්සිපල් සර් කියලා නොවැ(පිනා කියන වචනේ එතකොට දැනගෙන හිටියේ නෑ. ඔය බාල වචන (කුණු හරුප ඇතුළු) ඉගෙන ගත්තේ කොළඹ මහ ලොකු විනය ගරුක ඉස්කෝලෙට ආවට පස්සේ.).

මං කිව්වේ ඔයාගේ තර්කය හරි, හැබැයි හැමෝටම, හැම දේටම සාධාරණ නෑ..

හිතන්න මතක් කරණ ලිපියක්. ජය වේවා...!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන