හෝදපු රෙදි

Thursday, August 18, 2011



තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු.
බිරිඳ කිව්වලු "අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට." කියල

අනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු..බිරිඳ කිව්වලු "සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති " කියල.

මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු.

දවසක් බිරිඳ කියනවලු "ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට රෙදි හෝදල තියෙනව, ඇඳුන් හොඳ පිරිසිඳුවට තියෙනව " කියල.
එතකොට සැමිය කිව්වලු "මම අද උදේම නැගිටල අපේ ජනෙල් වල වීදුරු ටික පිහදැම්ම." කියල.


" How can you say to your brother, 'Brother, let me take the speck out of your eye,' when you yourself fail to see the plank in your own eye? You hypocrite, first take the plank out of your eye, and then you will see clearly to remove the speck from your brother's eye." - jesus ( Luke 6:42 )


5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

චතුර විජේකෝන් said...

මං මේ කතාව ඊ ලිපියක දැකලා තියෙනවා... හොඳ කතාවක්...

Anonymous said...

hi....hi.........mara kathawak

සරත් ලංකාප්‍රිය said...

අනුන්ගේ වැරදි පෙනේනේ තමුන් බලන් විදිහටනේ..

දිනුක said...

හරී ආතල් එළ.....

අලුත් කොල්ලා | The New Guy said...

හිසට අහර කියන්නේ මේවා.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන