පිනාගේ කතාව ඉතිරිය

Wednesday, August 17, 2011
මේ ආකාරයට තවත් කාලයක් ගත උනා. තරගකාරී සමාගමක් විසින් අලුතින්ම ආනයනය
කරලා වෙළදපොලට ඉදිරි පත් කරපු පොත් වර්ගයක් පාසල් ළමුන් අතර ඉතා වේගයෙන්
ජනප්රිය වෙන්න පටන් ගත්තා. එකෙන් පිනාගේ නිෂ්පාදන වලට එල්ල උනේ මාරු  පහරක්. පිනාගේ පොත් වලට මෙතෙක් පැවැටහුණු ඉල්ලුම ඉතා වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තා ඝන කඩදාසියේ මුද්රණය කල අලුත් පොත් වර්ගය වෛවර්ණ පිටකවරයකින්ද  ආවරණය කර තිබුනා. පිනාගේ පොත් වල මිලට වඩා අඩු මුදලකට ඔවුන් අලවිය සිදු කල නිසා ඉල්ලුම අඩු වීම හේතුවෙන් පිනාගේ ව්යාපාරයේ ලාබයද ඉතා විශාල වශයෙන් අඩු වීමට පටන් ගත්තා. ලාබය අඩුවීමත් සමගම අලුතින් පැමිනි ව්යාපාරිකයන් කිහිපදෙනාද තම අයිතිය අත හැරීමට තීරණය කළා ඔවුන් යොදවා තිබු රු 100,000,0 අයිතිය සනත් විසින් මිලදී ගත්තේ රු 800,000 කට. මේ සමගම ව්යාපාරයේ  හිමිකාරිත්වයද විශාල වෙනසකට ලක් උනා  
 ව්යාපාරයේ ආරම්බයේ සිට මේ දක්වා ව්යාපාරයේ කොටස් වලින් වැඩිම තනි අයිතියක් තිබු පිනාට දැන් පවතින්නේ අයිතියෙන් ඉතාම අඩු ප්රතිශතයක්. එත් එක්කම සනත් තමන්ගේ අයිතිවාසිකම් කොටස වැඩි  කර ගැනිම නිසා ව්යාපාරය පිළිබද තීරණ ගැනීමේ අයිතිය  (වැඩි චන්දයක්)  සනත්ට හිමි උනා . සනත්ගේ නව කළමනාකරණය අභ්යයාස පොත් වලට අමතරව පැන් පැන්සල් පාට පෙට්ටි ආදී විවිද නිෂ්පාදනයන් වෙළදපොලට ඉදිරිපත් කිරීම නිසා නැවතත් ඔවුන්ගේ ව්යාපාරයට  තරගකරුවන් අබිබවා ලාබ ලබමින් ඉදිරියටම යාමට හැකි උනා.

අපි පිනාගේ කතාව දැනට මෙතනින් නවත්වමු. මේ කතාව ගෙතුවේ අවස්ථා සහ සිද්දි සමගින්
උදාහරණ සමගම පාඩම කරගන යන්න ඕන නිසා. දැන් අපි සිලබස් එකට අනුව වැඩේට බහිමු.


පිනාගේ ව්‍යාපාරයේ හිමිකාරිත්වය එදා සිට අද දක්වා 


                        
හිමිකරුවන්
ආරම්බය

%
නලින් ඉවත් වීම

අනෙකුත් . වීම
%
පිනා
500000

29.4
500000

29.4
500000
29.4
සනත්
100000

5.88
200000

11.8
1200000
70.6
නලින්
100000

5.88
-

0
-
0
ව්යාපාරිකයන්
1000000

58.8
1000000

58.8
-
0
(10 x100,000)
එක අයෙකුට

5.9


5.9

0
එකතුව
1700000

100
1700000

100
1700000
100


 .
                       


















1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Madhawa Habarakada said...

හ්ම්ම්. දෙවන කොටස නම් කොට වැඩි උනා වගෙයි. :( නමුත් හොඳට ලියල තියෙනවා.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන