ලංකාව දෙස කටාරයේ සිට බලා ලියමි ....

Tuesday, August 2, 2011

මට අද මේක ලියන්න හිතුනේ උදේ වෙච්ච දෙයක් දැකල. අද උදේ මෙහෙ (කටර්යේ) ඒක තැනක මහා පාරේ කුණු වගයක් වහනේකින් එලියට දැම්ම. කුණු කිව්වට මේ මහා ලොකු බෑග් එකක් එහෙම නෙවේ. ටොෆී කොළ වගයක්. දැන් ඒ වාහනේ අපිට කලින් යනවා. එකේ යන්නේ ඊජිප්තු කාරයෝ වගයක් මම හිතන්නේ. ඔන්න වාහනේ ඉස්සරහට කොහෙන්දෝ පොලිස් වාහනයක් ඇවිත් හෙඩ් ලයිට් ගහල නවත්තන්න කිව්වා. එයාල නතර කරා. මම අන්තිමට දැක්ක විදියටනම් කට්ටියට දඩයක් ලිව්වා පාර ජරා කරා කියල. ඔන්න අහගන්නකෝ මෙහෙ දඩ විස්තරේ...
  පාරේ කුණු දැමීමට කතරි රියාල් 1000
  වාහනේ සීට් බෙල්ට් නොදැම්මට කතරි රියාල් 500 (ඉස්සරහ අසන දෙකේ අය)
  මාර්ග සඥ්යා උල්ලංඝනය (ට්‍රැෆික් ලයිට් ) කතරි රියාල් 1500 සිට ඉහලට උපරිමය රියාල් 50000
  නියමිත ස්ථානයේ නොව වෙනත් ස්ථාන වල රථ නවතා තැබීමට (උදාහරණයකට අබාධිත නැවතුම) 1500

මෙහෙම තමයි මෙහෙ දඩ සිස්ටම් එක යන්නේ (සංඛ්‍යා දත්ත ගැන මම වැරදිනම් කරුණාකරලා කොමෙන්ටුවක් දාල මව නිවැරදි කරන්න). විවිධ ජාති වල පොලිසි 3 මෙහෙ තියනවා. ට්‍රැෆික් පොලිසිය, අල් ෆාසා වගේම ලහ්වියා කියල ඒ තුන හදුන්වනවා. මේකෙන් අල් ෆාසා සහ ට්‍රැෆික් පොලිසිය මාර්ග නීති ගැන ගොඩක් විපරම් කරනවා. කොහොම උනත් මේ තියන දඩ වලට බයටත් නිතරම විපරම් දෑසක් තමන්ට යොමු වෙලා තියනවා කියන එක දන්නා නිසාත් මෙහෙ මිනිස්සු (අපි වගේ පිට දේශක්කාරයෝ ඇතුළුව) වැරදි කරන්න බයක් දක්වනවා.

ඉතින් මම කියන්න හැදුවේ අපේ රටෙත් මේවගේ තද නීති රීති පද්ධතියක් තිබුනානම් ගොඩක් මිනිස්සු හදාගන්න තිබ්බ නේද කියල. රුපවාහිනියේ පෙන්නන ලස්සන තැනකට යන අපේ අය එතන තියල එන්නේ බෝතල් කටු සිලි සිලි මලු. සිරිපාදේ ඉදල කොයිතරම් පොලිතින් ගේනවද සිරීපා වාරේ ඉවර උනාම? ඕනෙම කෙනෙක් වාහනේක යනකොට අතේ තියන ටොෆි කොලේ කීපාරක් නම් පාරට විසි කරලා ඇත්ද? ටොෆි කොළ විතරක් නම් කමක් නෑ නේද?

ඉතින් අපේ රටේ අපිම අපේ පරිසරේ විනාස කරන එක හරි නෑ නේද? ඉතින් අපි අපිවත් අද ඉදලවත් ටිකක් මේක ගැන හිතල වැඩ කරමුද? අපිත් එක්ක අපිට තව දෙන්නෙක් මේ විදියට හදන්න පුළුවන් නම් ටික දවසක් යනකොට මුළු රටම හදාගන්න බැරි වෙන එකක් නෑ නේද?

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

මේ පැත්තේ ආවේ..හා හා පුරා කියලා අද..දැක්කා බොහොම වටිනා ලිපියක්.. ඇත්තටම යාලු..අපි අපේ රටට ආදරේ නැත්තේ ඇයි කියලා මටනම් තේරෙන් නෑ.. මන් දැකලා තියෙනවා..කුනු කූඩයක් පෙනි පෙනි ඔහේ තමන්ගේ කුණු ටික අයිනකට විසි කරලා යන මිනිස්සු..ඒ වෙලාවට හරිම කණගාටුවක් එන්නේ..මේ අපි අපි ගැනම..

චතුර.... said...

මේක ලංකාවටත් ගෙනාවනම් හොඳයි..

Anonymous said...

ලංකාවේ පගා සංස්කෘතිය (පොලිස්කාරයාගේ සිට ඇමති දක්වා) නැතිකරනකන් ඔය කිසි දෙයක් කරන්න බෑ.

Anonymous said...

ලන්කාවට අවශ්‍ය තවත් නීති නොව තියන නීති හරියට ක්‍රියාත්මක කිරීමයි.දැන් තියන නීති හරියට ක්‍රියාත්මක කර ගන්න බැරි අපි තව නීති සිය දහසක් දැම්මත් වැඩක් වෙයිද?

පිස්සු පුසා said...

ඇත්ත සහො කතාවනම්. අපෙ ලංකාවේ නිතිහදල තියෙන්නේ එවා ක්‍රියාත්මක වෙන්නේ පාගාකරයින්ට හම්බකරගන්ට මිසක් පොදු ජනතාවගේ සුබ සිද්දියට නෙමේ.

රතු මුහුද said...

අපේ මිනිස්සුන්ගේ ආකල්ප හැදුනු දවසකට බලාගන්න බැරිය...(මමත් මාර්ග සඥ්යා උල්ලංඝනයකට සෞදි රියල් 500 ගෙවනලදී,500*30=......කියාද ලංකා රුපියල්)

ක්සැන්ඩරයා said...

කොමෙන්ට් කරපු ඔය හැමෝටම ගොඩක් ස්තුති.
අසනී : ඔව් ඇත්ත මටත් ඔය දේ ඔයවිදියටම දැනිල තියනවා. ලංකාවේ ඉන්දෙද්දීත්.
චතුර : මේක ලංකාවට ගෙන්න ඕනේ අර පලවෙනි ඇනෝ කිව්වා වගේ රට හදල. නැත්තන් එය කිව්වා වගේ ඔය කිසි දෙයක් කරන්න බෑ
දෙවැනි ඇනෝ : ඔයාගේ කතාවනම් සහතික ඇත්ත. එක කරන්න නම් පලවෙනි ඇනෝ කිව්ව එක කරන්නම වෙනවා.
පිස්සු පූසා : බලාගෙන ගියාම නමේ හැටියට පිස්සු නෑ නේ ? මසුරන් කතාව.

ඇඩ්මින් @ ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය (Darshana) said...

මසුරන් වටින කතාව..

නීති තිබ්බටම මදි..
පගා ගැහිල්ලත් නවතින්න ඕන ඒකට පොලීසියෙ උදවියගෙ ජීවන තත්වය උසස් කරන්න අවශ්‍යයි ඒ රටවල වගේම..

පිස්සු පුසා said...

ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව හදන්න ඕනා ඔක්කෝටම කලින්.පාරේ කුනු දාන්න එපා කියලා.කොච්චර කිව්වත් වැඩක් නැහැ.මුන්ට ඒක ටික කාලෙකින් අමතක වෙනවා.ටිපිකල් ශ්‍රි ලංකා..හික් හික්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන