කටාරා

Tuesday, August 2, 2011
ගල් තොප්පියේ සුදට
බූට් වල කළු පාට
පේන්නෑ
දුවිල්ල....
ගන සැරේ එකපාර
පායනා ගිනි අව්ව
පාට ගිය
නිල් පාට
සුදු කරලා.......
වැලි කතර
ගිනියම්ය
එත් නුබ හදනවා
පාරවල්.......
ද බින්දු වගුරමින්
උන්ට
සැප වාහනෙන්
යන්න...
හෙට දවස හීනයෙන්
පුතුගේ රුව
හිත දරන් ගෙදර
යන්න එන දවස
ඇගිලි
මදි
ගනින්නට.........  


ප: ලි : මේක මගේ බ්ලොගේ කාලෙකට කලින් ලියවිච්ච දෙයක්... 

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන