[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය - Part 2

Wednesday, August 10, 2011
කියපු වෙලාවට වඩා චුට්ටක් පරක්කු උනාට සමාවෙන්ඩ හොඳේ.
අන්තිමට කතාව ඉවර උනේ කොහෙන්ද?...... ආ උපාසකයො රාහුල හාමුදුරුවන්ගෙන් මෙහෙම ඇහුව.
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?"  කියල.
කියෙව්වෙ නැතිනම් මෙතනින් ගිහිල්ල කියවන්න.

රාහුල හාමුදුරුවො කියපි. 
"උඹල කෑ ගහන්නෙ නැතිව ඉදපියව්. පොල් කඩන දවසට උදලු ටිකකුයි පස් ඉවත් කරන්න කූඩ ටිකකුයි අරන් වරෙල්ල" කියල.
මොකද්ද අප්පේ ඒ කතාව??? පොල් කඩන්න මොකටෙයි උදලු??? පස් කූඩ?????
උපාසකයින්ට මාර ප්‍රශ්නෙ මොකද්ද මේ කතාව කියල. ඒත් ඉතින් සද්ද නැතිව උන්න.

ඔන්න දවස උදා උනා...
අහල පහළ ගම් වල විතරක් නෙමෙයි, ඈත ගම්මාන වල පවා කට්ටිය ඇවිල්ල සිද්ධිය බලන්න. මොකද වෙන්නෙ බලන්න. ඇයි අප්පේ රාහුල හාමුදුරුවො මොකද කරන්නෙ කියන්නෙ කියල බලන්න එපැයි. 

ගුරු හාමුදුරුවො උජාරුවෙන් ඉන්නව තමුන්ගෙ ගහේ ඵලදාව බල බල. රාහුල හාමුදුරුවොත් ගානක්වත් නැතිව ඉන්නව. හරි නම් මේ වෙලාවට පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් වෙන්න ඕනෙනෙ. ඇයි අනේ කඩන්නෙ අර පුවක් ගෙඩි සයිස් කළටි ගෙඩි ටිකද????

ඔන්න ඉතින් කට්ටිය සෙට් වෙලා ගුරු හාමුදුරුවන්ගෙ ගහේ පොල් ටික කැඩුව, මොන ටිකද, පොල් ගෙඩි 200ක් විතර!!!. කඩල ඒ ටික ගොඩ ගහල ගුරු හාමුදුරුවො ඔලොක්කුවට වගේ රාහුල හාමුදුරුවො දිහා බැලුව.
රාහුල හාමුදුරුවො හිනා වෙලා මොකද දන්නවද කිව්වෙ?
"උපාසක, ගනිල්ල ඔය උදලු ටික, හාරපල්ල පොල් ගහ වටේටම."
පුදුමයෙන් හාමුදුරුවො දිහා බලපු උපාසක ගොල්ලො උදලු කූඩ අරගෙන පොල් ගහ වටේ හාරන්න පටන් ගත්ත.
මෙන්න පුදුමයක්, පොල් ගහේ මුල පලාගෙන පොලු හැදිල, එකක් දෙකක් නෙමෙයි මහ විසාල ප්‍රමාණයක්, වළු ගාණක්. ගම්මුන්ට විතරක් නෙමෙයි මෛත්‍රී හාමුදුරුවන්ටත් අදහා ගන්න බෑ. ඇයි දෙය්යනේ පොල් මුලෙන් ගෙවි හැදෙනවද!!!! 
ඔක්කොම කැඩුව. කැඩුව කිව්වට ගහට නැගල නෙමෙයි, ගහටත් වඩා පහළට බැහැල. 
ඔක්කොම පොල් ගෙඩි 300කටත් වැඩී. ගුරු හාමුදුරුවො එතනිනුත් පරාදයි ගෝළයට.

මොකද වෙලා තිබ්බෙ?රාහුල හාමුදුරුවො දැනන් හිටිය හරියටම නැකතට වෙලාවට හිටෙව්වොත් පොල් මුලෙන් උනත් ගෙඩි හැදෙනව කියල. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය ඉහළට ඔසවන් ඉඳල වලට දානකොට නැකතෙන් ක්ෂණයක් පහු උනා. නමුත් රාහුල හාමුදුරුවො කළේ පොල් පැළය කකුලෙන් රඳවන් ඉඳල ගානට වෙලාවට වලට අත හැරපු එකනෙ. 

ඔන්න ඔහොමයි කතාව. එදත් කොහොම හරි ගුරා පැරදුනා ගෝළයට. අනේ එහෙමයි කියල මේ ගුරු හාමුදුරුවො කවදාවත් ගෝළයට වල කපල නම් නෑ. හැම වෙලේම ගෝළයගෙ දියුණුව පැතුව, දියුණුවට අත දුන්න....


21 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ආඩම්බරකාරී said...

කියවන්ඩ ආස හිතෙනව.ඔයා ලියන විදියත් ලස්සනයි.තව ලියන්න

Gayan Tharaka said...

මාරයි...
තව නැද්ද

Unknown said...

නියම කතාව.......:)))

Madhawa Habarakada said...

ස්තුතියි කිව්ව. බලමුකො තව ලියන්න.
නෝ කොමෙන්ට්ස් දෙන් නෝ කතා. :)

Madhawa Habarakada said...

@තාරක: මුල් ලිපියෙන් ගිහිල්ල මගෙ බ්ලොග් එකේ දාල තියෙන කතා ටික කියෙව්වද? තව කිහිපයක් ලියවේවි ඉදිරියට.

Deeps said...

මේ කතා සෙට් එක නම් ශෝක්..:)

- said...

ලස්සනයි ලස්සනයි! ඔය වගේ ජනප්‍රවාද බ්ලොග් එකකින් හරි කයවන්න ලැබෙන්නේ හරි අඩුවෙන්.ඒ නිසාම මේ උත්සහය ගැන මාධවට හුගක් ස්තූතිවන්ත වෙන්න ඕන.

පුලුවන්නම් අර තොටගමුටව් හාමුදුරුවෝ සදා නොමියෙන තෛලය බීපු ජනප්‍රවාදය හොයලා පෝස්ට් කරන්න. මම හිතන්නේ ඒක හුගාක් රසවත් වේවි කියලා.

ඉතින් සහෝ , ආයෙත් පාරක් ස්තූතියි.

- said...

‍කලින් ලියන්න කිව්ව කතාව ගැන සොරි හොදේ!ඔයා ඒක පෝස්ට් කරලා තිබ්බ විත්තිය පස්සෙයි දැක්කේ . ඒ කතාවත් හුගාක් ලස්සනයි....

Anonymous said...

නියමයි.. දිගටම ලියන්න

jhothishalanka said...

මේ කතාව මම මීට කලින් අහලා තියෙනවා.ඒත් මේ තරම් රසවත් විදියට නම් නෙවෙයි.හැබෑම අපූරුවට මේ කතාව ඔයා ලියලා තියනවා.

Anonymous said...

blog එකේ අකුරු ප්‍රමාණය වෙනස් කරන්න තියන එක ගොඩක් හොදයි අනිත් blog ලියන අයටත් ඒ වගේ කෑල්ලක් set කරන්න පුලුවන්නම් ගොඩාාාාාාක් හොදයි

Sameera said...

Hena boru ne .. Siraawatama maara boru kathawak ne naeda?

ලොක්කා said...

මේක මෝඩ කතාවක්. මොකටද මේවට රාහුල හාමුදුරුවන්ගේ නම ගා ගත්තේ. තුට්ටු දෙකේ කතාවක්. තුට්ටු දෙකේ භාෂා පරිහරණයක්. බාලයි. මෝඩයින්ට හොදයි. ග්‍රාමයයි.

ඇඩ්මින් @ ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය (Darshana) said...

පට්ට කතාව.. කලින් අහල තිබුණට කතාව රසවින්ද මමත්..

ඕකෙ තව කොටසක් තියෙනව.. මං අහල තියෙන හැටියට රාහුල හාමුදුරුවො හිටවල තියෙන්නෙ ගිං කියන ශාකය.

Sathish Jayasinghe said...

කරුණාකරලා මේවගේ ගොබ්බ කතා රාහුල හාමුදුරුවන්ගේ නමින් නොදා ඉන්නවද? රාහුල හාමුදුරුවෝ කියන්නේ සෑහෙන්න බුද්ධිමත්, සිල්වත් හාමුදුරු නමක්. ඒක ගැන කතා දෙකක් නෑ. ඒත් මේ කතා වල මුල මොකක්ද, ඇත්ත මොකක්ද, වෙන්න පුළුවන් දෙයක්ද නැතිද කියන එක ඕන හරකෙකුට තේරෙනවා..

Observer said...

කතාව බොරු වෙන්න පුළුවන්, එත් මේ කතාවේ මුල කොටස කියෝනකොට කතාව අහල තියෙනවා කියල මතකෙට ආවත් කතාව ඉවර වෙන්නේ කොහොමද කියල මතක් වුනේ නැහැ. ඒ හින්ද මේක කටින් කට ආපු ජන කතාවක් වෙන්නැති. ඒ වුනාට ඉතින් ඕකට බනින්න ඕනෙයැ, බ්ලොග් වල තියෙන්නෙ ඔක්කොම සත්‍ය සිද්ධි නෙමේනෙ

Madhawa Habarakada said...

අන්තිමට අදහස් දක්වල තිබෙන කිහිප දෙනාට:

ඔව් මේ සමහරක් කතා වල යම් ප්‍රමාණයක බොරු තිබෙන්නට පුළුවන්. මොකද මේව ජනප්‍රවාද. ජනප්‍රවාද කියන්නෙ කටින් කට පැවතගෙන එන ඒව, ඉතින් එක එක අය එක එක කෑලි එකතු කරන්න ඉඩ තිබෙනවා. ඉතින් පරම්පරා ගානක් තිස්සෙ ගලාගෙන එනකොට කතාවක යම් යම් වෙනස්කම් සිද්ද වෙන්න පුළුවන්.

මේ කතා වලින් කවදාවත් රාහුල හාමුදුරුවන්ට අගෞරවයක් වෙනවා කියල නම් මම දකින්නෙ නෑ. මේවායින් පෙන්වන්නෙ රාහුල හාමුදුරුවන්ගෙ හැකියාව, දක්ෂකම, උපායශීලී භාවය හා ඥානය. මේ වගේ තවත් දේවල් හරහා තමයි රාහුල හාමුදුරුවො පරදේශක්කාරයින්ට පවා අභියෝගයක් උනේ. දන්නවද රාහුල හාමුදුරුවො ඉංග්‍රීසීන්ගේ කතා වලට රහසේ ඇහුම්කන් දුන්න කියල, රැහැන් රහිත තාක්ෂණයක් භාවිතා කරල??? :)

මෙහි තිබෙන භාෂා ශෛලිය යමෙකුට සවුත්තුයි කියල හිතෙන්න ඉඩ තිබෙනවා. සමහරක් විට ඔහු මහා භාෂා විශාරදෙයෙක් හරි පට්ටම මොඩ් කෙනෙක් හරි වෙන්න ඇති. ඔව් මේ ශෛලියේ යම් ග්‍රාම්ය බවක් ඇති. කතන්දර කියන එක ලිඛිත භාෂාවෙන් ලියවෙන්න ඕනෙ කියල කොහෙවත් කියල නෑ නෙ. අනිත් එක කතන්දරයක් කියවනකොට ඒ හැඟීම, රසය එන්න නම් ඒක සරළව ලියවිය යුතුයි කියලයි මම හිතන්නෙ.

@ඇඩ්මින් ෆේස්බුකියේ සිංඩිය: මම ඒ ගැන නම් හරියට දන්නේ නෑ. සමාවෙන්න.

අවසානව, මම මේ කතා මට හිතුනු හැටියට ලියන ඒව නෙමෙයි. පොත් පත් කිහිපයක් අනුසාරයෙන් ලියන ඒව. ඒ නිසා ඔබ කියන දේවල් අධි නීතීඥ ඩී. පී. වික්‍රමසිංහ, ගුණසේකර දැදිවල0 ඒ ඒ පුවත්පත්වල කතුවරුන්ට එහෙමත් කියන්න වෙනවා. :)

Anonymous said...

Madhawa,
As I commented on another page of yours, I have heard these stories so long ago from my father too. There might be some untruths that harm the image of Ven. Thotagamuwe Sri Rahula. Then again it might be the truth. It is amazing for the most part it is exactly as my father told me.

Others can have a different view. From my point of view you are doing a great job. Keep it up. And you have answered their criticisms well. If there is something that makes us ashamed (in this case I cannot see a strong case for this) in our history we should not always try to portray that we are 100% milky white clean. We should accept such things and try to learn from them.

To give the version that I have heard of this story..
At the time of the nekatha the two bhikkus were going to dig the earth to plant the coconuts and the teacher lifted the galinna and hit the earth while the student kept the galinna between the toes and struck the earth. The teacher missed the time but the student hit the earth exactly at the auspices time.. Your version is a bit weird as why anyone would want lift a coconut up in the air to plant it. It you this my version makes more sense you could go ahead and update it..

Again my thanks to you for this great contribution....

chitra said...

තොටගමුවෙ රාහුල හිමි ගැන නොදැන ඡීවත් වෙලා පළක් නැත.....

සමිත් said...

maath podikale ahala thibunu kathawak, habayi mechchara radawath na, adayi mama oyage blog eka baluwe, niyamayi

සමිත් said...

ekathuwatath mewwa tikak daanna, mama ekathuwe samith

Post a Comment

පි‍ටු පෙරලපු ගාන