Zindagi na Milegi Dobara චිත්‍රපටියේ විචාරය | Zindagi na Milegi Dobara - Movie Review

Saturday, August 6, 2011
හොඳ බොලිවුඩ් නිර්මාණ  වල තොරතුරු සිතුවිලි පවුරට එකතු කරනවාය කියන එක බොලිවුඩ් සිංහලෙන් සිතුවිලි පවුරට එකතු වුන දවසේ වුනු පොරොන්දුවක් . ඒ අනුව දැනට ලංකාවෙත් තිරගත වෙන Zindagi na Milegi Dobara  චිත්‍රපටිය ගැන විචාරයක් තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ

චිත්‍රපටියට අදාල ඡායාරූප , විඩියෝ සහ මූලික තොරතුරු මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්

කථාව
කබීර්, ඉම්‍රාන් , සහ අර්ජුන් කියන්නේ පාසල් වියේ මිතුරන් තිදෙනෙක් . කබීර්ගේ විවාහයට කලින් බැච්ලර් පාටිය වෙනුවට මේ අය තෝරගන්නේ බැච්ලර් ට්‍රිප් එකක් . ඒ ස්පාඤ්ඤයට සංචාරයක් නිකන් නෙවෙයි ඇඩ්වෙන්චර් සංචාරයක් . සංචාරය සුදානම් කරන ඉම් රාන් ගේ ඒ වෙනුවෙන් තව සැඟවුනු අරමුණකුත් තියෙයි . එක් එක් කෙනාගෙ තෝගා ගැනිම් අනුව වීර ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන මේ සංචාරයේදී මේ අයගේ ජීවිත වල වටිනාකම් , හැඩරුව වෙනස් වෙන්නේ හරිම අපූරු විදිහට ... වැඩිය විස්තර කලොත් රසය නැතිවෙන නිසා කථාව ගැන ඔය ඇති

අපේ අදහස | Our Comment
  • බොලිවුඩ් සිනමාවේ සාමාන්‍ය්යෙන් දකින්න නොලැබෙන ආකාරයේ තාත්වික බවක් මේ චිත්‍රපටියේ දකින්න ලැබෙනවා , විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල දකින්න තියන ආකාරයේ , කොහොම උනත් ඒ අතරම බොලිවුඩ් සිනමාවට ආවෙනික ලක්ෂනත්, සිනමාත්මක ලක්ෂනත් හොඳින් සුරැකිල තියනවාය කියල කියන්න පුලුවන්
  • චිත්‍රපටියේ එන සියලුම සිදුවීම් යථාර්ථවාදී නොවුනත් (පූර්ණ ලෙස යථාර්තවාදි සරල සිනමා නිර්මාණ අඩුයි නේ ) සැහෙන දුරට මේ කථාව යථාර්තවාදියි , අපිට සැබැ ජීවිතයේ දකින්න ලැබෙන , වර්ථමාන ලෝකයෙ තරුණ තරුණියන් තමයි චිත්‍රපටියේ නිරූපණය වෙන්නේ . අදාල චරිතත් ඒ තාත්වික බව සුරැකෙන විදිහට සැකසිලා තියනවා වගේම අදාල රංගන ශිල්පීන් ඊට නියම සාධාරණයත් ඉටු කරනවා
  • ජීවිතයට යමක් එකතු කරන්න සමත් වෙන කලා නිර්මාණ ඉතාම වටිනව , මේ චිත්‍රපටියත් ජීවිතය දිහා අලුත් විදිහට දකින්න විවිධ සිදුවීම්, හා පුද්ගලයින් ඔස්සේ මඟ පෙන්වීම සිදුකරනව
  • මේ අයගේ සංචාරය වටා දිවෙන නිසා ඉතාම සුන්දර පරිසරයක තමයි මුලු සිනමා නිර්මාණයම ගලා යන්නේ . ඒ සුන්දර පරිසරයේ අලංකාරය නිර්මානයට අදාලව ඉතා සිනමාත්මකව හා අලංකාරවත්ව කැමරා කාචයට එකතු කරගන්න අධ්‍යක්ෂවරයාත් සිනමා කරන ශිල්පියාත් සමත් වෙලා තියනව
  • ඉතාම සාර්ථකව ගොඩ නංවපු තාත්වික චරිත , ඒවාට උපරිම සාධාරනය ඉටු කරමින් රඟපැම අතින් රංගන ශිලිපීන්ගෙ දායකත්වය ඉතාම සාර්ථකයි කියල කියන්න පුලුවන් . සැම රංගන ශිල්පියෙක්ම තමන්ගෙ වගකීම නිසි ආකාරයෙන් ඉටු කරල තියන බවත් පේන්න තියනව
  • ඉතාම හොඳ හාස්‍යක් මතුවෙන තැන් රාශියක් දකින්න ලැබෙනව , මේ එකක් වත් බලෙන් ඔබ්බපු දේවල් නෙවෙයි චිත්‍රපටියට අදාලව , චරිතවලට අදාලව මූලික කථාව තුල පවතින සිදුවීම්
  • චිත්‍රපටියේ සංගීතය නම් එතරම් විශේෂයක් දකින්න නැ , මීට වඩා ආකර්ෂනීය සංගීතයකට ලොකු වටිනාමක් එකතු කල හැකිව තිබුනා කියල හිතෙනවා
  • සංචාරය වටා දිවෙන කථාවක් නිසා අපිත් ගමනක් යන බවක් තමයි දැනෙන්නේ ... ඒ ස්වාභාවය හා චිත්‍රපටියේ කථා ස්වාභාවයත් නිසා දෙවෙනි භාගයේදී පොඩි කම්මැලි ගතියක් දැනෙනවා චිත්‍රපටිය දිග වැඩියි දෝ කියල
  • අන්තිමට සඳහන් කල කාරනය ඇරුණාම අනිකුත් සියලුම කාරණා අනුව මේ චිත්‍රපටිය වෙනුවෙන් ඔබගේ කාලය හා මුදල් වැය කිරීම අපතේ නොයවන බව තමයි කියන්න තියෙන්නේ . සති අන්තයේ සිනමා ශාලාවට යන්න බලාපොරොත්තුවක් තියනවා නම් , මේ චිත්‍රපටිය ඒ සඳහා තෝරගන්න හැකියාව තියනවා . මේ චිත්‍රපටිය මේ වෙනවිටත් ඉන්දියාවෙ හා ලෝකය පුරා අති සාර්ථකව තිරගතවෙනව වගේම ඉතාම හොඳ විචාරක සම්මානත් ලබපු නිර්මානයක් කියන දේත් මතක් කරන්න කැමතියි
  • සිප ගැනීමේ දර්ශනයක් ඇරුණාම වෙනත් රූපමය වශයෙන් දරුවන්ට නැරඹීමේ නොහැකියාවක් මේ චිත්‍රපටියේ නැ . කොහොම උනත් මේ කථා තේමාව හෝ කථාව කුඩා දරුවෙකුට වැඩකට ඇති දෙයක් නෙවෙයි . අවුරුදු 12ට වැඩි ඕනිම කෙනෙකුට හොඳින් රසවිඳීමේ හැකියාව තියනව
Ratings
  • Direction -3.5/5
  • Celebrities' Performance -3.75/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 4/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - N/A
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3.5/5
චිත්‍රපටිය බලපු අය ඉන්නව නම් ඔගොල්ලන්ගේ අදහසත් එකතු කරන්න කො පහලින්


වැදගත් - බොලිවුඩ් සිංහලෙන් කියල කිව්වට මේ වෙන කෙනෙක් නෙ ලිපිය ලියල තියෙන්නෙ කියල සමහර දෙනෙක් කල්පනා කරයි . DBL විදිහට "දසුන්ගෙ සටහන් " කියන බ්ලොග් අඩවිය ලියන්නේ මම .  හැබැයි ඊට ගොඩක් කලින් තමයි බොලිවුඩ් සිංහලෙන් අඩවිය පටන් ගත්තේ යාලුවො දෙන්නෙකුත් එකතු කරගෙන . ඒ දවස් වල තුන් දෙනාම භාවිතා කරපු එකම ප්‍රොෆයිලය තමයි "බොලිවුඩ් සිංහලෙන්" කියන්නේ . බොලිවුඩ් සිංහලෙන් සිතුවිලි පවුරට එකතු උනාටත් පස්සෙ තමයි . වෙනම පුද්ගලික බ්ලොග් ප්‍රොෆයිලයක් හදාගන්නේ . ඒකෙනුත් සිතුව්ලි පවුරට එකතු වෙලයි ඉන්නේ . සිතුවිලි පවුරෙ අවස්ථා සංඛ්‍යාව  සීමිත නිසා අනික් යාලුවනුත් එක්ක කථා කරල "බොලිවුඩ් සිංහලෙන්" ප්‍රොෆයිලය  සිතුවිලි පවුරෙන් ඉවත් කරගන්න ඉල්ලීම කරන්න තීරණය කලා . ඇඩ්මින් තුමාගෙන් ඉල්ලුවත් තාම ප්‍රතිචාරයක් නම් නැහැ . කොහොම උනත් මින් ඉදිරියට බොලිවුඩ් සිංහලෙන් අඩවියට අදාල ලිපිත්  , ඒ කියන්නේ හොඳ චිත්‍රපට පිලිබඳ ලිපි  සිතුවිලි පවුරට එකතු කරන්නේ මම . බොලිවුඩ් සිංහලෙන් නමින් තියන කතුවරත්වය අයින් කරල වෙනත් සහෘදයෙකුට ඒ අවස්ථාව දෙන්නය කියල අපි නැවත වතාවක් ඉල්ලා සිටිනව ඇඩ්මින් තුමාගෙන් .   රැදිල ඉන්න දිගටම ......

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන