ඉන්දියානුවෙකුගේ ඇමරිකානු ස්මාට් කථාවක්...

Friday, September 16, 2011

ඔන්න දවසක් ඇමරිකාවේ නිව්යෝක් නගර බැංකුවට ඉන්දියන් ජාතිකයෙක් ඇවිත් ණය සම්බන්ධ නිළධාරියා ලඟට ඇවිත් ණයක් ගැන කථාකලා.

මෙයා ණය භාර නිලධාරියාට කිව්වා සති දෙකක වගේ කාලයකට බිස්නස් වැඩ වගයක් සඳහා ඉන්දියාවට යන්න වෙනවා... ඒ වැඩේට ඩොලර් 5000 ක ණයක් ගන්න ඕනේ කියලා.

නිකම්ම ණය දෙන්නෙත් නෑනේ... ණය භාර නිලධාරියා මේ ඉන්දියානුවාට කිව්වා අපිට මොනවා හරි දෙයක් ඇපයට තියන්න පුළුවන් නම් ණය දෙන්න පුළුවන් කියලා.

ඔන්න ඉතින් ඉන්දියානුවා මොකද කලේ... බැංකුව ඉස්සරහා නතර කරලා තිබුණු එයාගේ අළුත්ම ෆෙරාරි කාර් එකේ යතුරයි, ඊට අදාල වෙන ලිපි ලේඛන ටිකයි ඔක්කොම නිළධාරියාට දුන්නා.

දැන් ණය නිලධාරියාට ටිකක් පුදුමත් එක්ක... කොහොම වුනත් එයාට මේ ගැන තනියම තීරණයක් ගන්න බැරි නිසා ගියා බැංකුවේ ලොක්කා ලඟට... ගිහිල්ලා සීන් එක කියලා ඔක්කොම දේවල් ඉදිරිපත් කරලා ණය දෙන එක අනුමත කරගත්තා... අන්තිමේදී ඉන්දියානුවට කිව්වා හරි... අපි කාර් එක ඇපේට තියාගෙන ඔයාට ඩොලර් 5000 ක් දෙන්නම්... කියලා...

ණය වැඩේ කෙරුණා... කොහොම වුනත් මේ වැඩේට බැංකුවේ ලොක්කටයි, ණය භාර නිලධාරි තුමාටයි හතර හිනා...! ඩොලර් 750,000 ක ෆෙරාරි කාර් එකක් ඇපයට තියලා ඩොලර් 5000 ක ණයක් ගත්ත මෝඩ ඉන්දියන් ජාතිකයා ගැන මේ දෙන්නටම හිනා...

බැංකුවේ වැඩ කරන සේවකයෙක් පහළට ගිහින් අර ඉන්දියන් ජාතිකයා ඇපේට තියපු අළුත්ම කාර් එක පදවගෙන ඇවිත් බැංකුවේ භූගත රථ ගාලේ පාක් කලා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සති දෙකකට විතර පස්සේ ඔන්න ඉන්දියන් ජාතිකයා ආයෙත් බැංකුවට ආවා. ඇවිත් ගත්ත ණය මුදල වන ඩොලර් 5000 ආපහු ගෙවලා දැම්මා. ඒත් එක්කම ඒකට පොලිය වශයෙන් තව ඩොලර් 15.41 කුත් ගෙවලා දැම්මා...

මේ ඔක්කොම බලන් ඉඳපු නිලධාරියට දැන් මේක හරි ප්‍රශ්ණයක්... මිනිහට මේක ඉන්දියානුවගෙන් අහලම දැනගන්න ඕනෙ වුනා...

මහත්මයා, අපි ඔබත් සමග ගනුදෙනු කරන්නට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා... මේ ගනුදෙනුව ඉතාමත් හොඳින් සිද්ධ වුනා...

ඒත් අපිට ප්‍රශ්ණයක් තියෙනවා මහත්මයා... ඔබට ණය දුන්නට පස්සේ අපි ඔබේ තොරතුරු සොයා බැලුවා... අපි දැනගත්තා ඔබ කෝටිපතියෙක් කියලා...

මෙච්චර සල්ලිකාරයෙක් වෙලත් ඇයි අපෙන් ඩොලර් 5000 ක් ඉල්ලන් ගියේ කියන එක තමයි අපිට තිබෙන ප්‍රශ්ණය...?

එතකොට ඉන්දියන් ජාතිකයා මෙන්න මෙහෙම උත්තර දෙනවා...

හොඳයි එහෙනම් ඔය මහත්මයා මට කියන්න බලන්න ඩොලර් 15.41 ක් වගේ සොච්චමකට සති දෙකක කාලයක් මගේ කාර් එක පාක් කරන්න වෙනත් තැනක් මේ නිව්යෝක් නගරයේ තියෙනවද ??? අනික මම ආපහු එනකොට ඒක එහෙමම තියෙයි කියලා විශ්වාසය තියාගන්න පුළුවන් තැනක්...!!! හොඳයි කියන්න පුළුවන් නම්...

මේ කථාව මට ලැබුනේ අපේ සුරේෂ් සහෝදරයා එවාපු ඊ-ලිපියකින්... මේක සත්‍ය සිදුවීමක්... 
දන්නවද මේ කෝටිපති ඉන්දියානුවා කවුද කියලා... ඒ තමයි...

vijay_mallya_20090306.jpg



කියන ආයතන වල හිමිකරු / සභාපති වන
විජේ මාලියා

10 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අම්මට උඩු මලයා කාරය මෙච්චර වැඩ්ඩෙක්ද ? .. මෙයා පියාගෙන් ලැබුනු කොටි 60 , 6000ක් කලා කියල නම් අහල තියෙයි

(ගොසිප් - සමහර ඇයින් කියන විදිහට දීපිකා පාදුකෝන් ගේ අනාගත මාමණ්ඩියත් මෙයා :D )

Nimesh said...

හ්ම්ම්......මෙච්චර කෝටිපතියෙක් වෙලත් ඇමරිකාවෙ ෆෙරාරි එකක් තිබිලත් මෙයාට කාර් එක නවත්තල යන්න ගෙයක් නැද්ද?

Madhawa Habarakada said...

හික්ස්. අන්න මොලේ. මොළේ පාවිච්චි කරල වැඩ කරනව නම් 60, 6000 නෙමෙයි, ඊට වඩා කරන්න උනත් බැරි නෑ. :D

ශ්‍රී said...

කතාව නම් අහලා තියෙනවා, හැබැයි ඇත්ත කතාවක් බව දැනගත්තෙ අදයි!

Anonymous said...

wow,,, what a greate thinking

පිසාචයා said...

කෝටිපතියෙක් වෙච්ච එක ගැන පුදුමයක් නෑ එහෙනම්...

Anonymous said...

මේ වැඩේ කොළඹ ඉන්න අපේ ඈයොත් කරන්න ගනීද දන්නේ නෑ. ඇයි හත් දෙයියනේ උදේ ඉදලා හවස් වෙනකම් පාක් කරන්න කීයක්‌ නම ගන්නවද? අනික එහෙම පාක් කරන්නවත් තැනක් තියෙන එකක් යැ.

Anonymous said...

yeah you guys are right further the guy who made this story have no idea how the banks in europe or for that matter banks anywhere in the world works, especially when they give loans. come on yaar, they need not check his profile at all, the moment they get the documents, they will know this guy is rich even if they do not know him. because his face and name is plastered all over the internet. They would just type vijay mallya and pronto everyone will know he owns UB Group and Kingfisher Airlines. But nevertheless it is a good story to read, only pls remove the name vijay mallya from the bottom line. Dont think you can fool everyone with such things, we are not idiots

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

@ හැමෝටම...
පොත් ප්‍රදර්ශණය වෙනුවෙන් රාජකාරී වල හිටිය නිසා ජාලේ පැත්තේ එන්න අවස්ථාවක් වුනේ නෑ... සමාව...!!!

@ බුවා:
මිනිහා මොළ කාරයෙක් නෙවේ නම් 60 > 6000 කරන්න බැහැ නොවැ... ඒ කථාවත් ඔය කියපු නිසයි දැනගත්තේ... අර ගොසිප් එක ගැන නම් මම මුකුත්ම දන්නෑ... ස්තුතියි ප්‍රතිචාරයට...

@ නිමේෂ්:
එක ගෙදරට ගෙවල් 100 ක් ගන්න සල්ලි තියෙනවා සහෝ... එයා කල්පනා කලේ එයාගේ අළුත්ම කාර් එකේ ආරක්ෂාව ගැනයි. ඒ අතින් නිව්යෝක් වල තියෙන හොඳම බැංකුවේ ආරක්ෂාව ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ...

@ මාධව:
ඇත්ත සහෝ... සල්ලි කරන්න පුළුවන් හොඳම දේ තමයි මොලේ...!!!

@ ගීතක:
හ්ම්... එහෙනම් සතුටුයි... ස්තුතියි බලලා ප්‍රතිචාරයක් තිබ්බට...

@ ඇනෝ1:
කොච්චර කෝටිපතියෙක් වුනත් ලොකුකම දාන්නැතුව ෂේප් එකේ වැඩේ කරගන්න තරම් මොළයක් මාලියාට තිබුණා... ඒත් සමහර කෝටිපතියන්ට නම් මොලේ අබ ඇටයක් වත් නැති තරම්...!

@ පිසාචයා:
ඇත්ත ඇත්ත... පුදුම වෙන්න දෙයක් නෑ. ව්‍යාපාරියෙක්ට ඕනෙම දෙයක් තමයි සුදුසුම තීරණය ගැනීමේ හැකියාව...

@ ඇනෝ2:
හෙ හේ... ලංකාවේ නම් මේ වැඩේ කරන්න තරම් තැනක් තියේද මන්දා ? ඒත් ඉතින් දැන් බෑන්කින් ෆීල්ඩ් එකේ උදවිය මේ කථාව දැනගෙන ඇති. ඒ නිසා වැඩේ අමාරු වෙයි... අනුන්ගේ කාර් බලාගන්නවට වඩා වැඩ නැතුවෑ...

Hasitha Gunasinghe said...

ඔය ලොකු ලොකු සල්ලිකාරයින්ගේ අමුතු කෑලි තියෙනවා තමයි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන