Singham චිත්‍රපටියේ විචාරය | Singham Movie Review

Monday, September 12, 2011
Singham චිත්‍රපටිය ගැන බොලිවුඩ් රසිකයින් නම් හැමදෙනාම දන්නවා ඇතිනේ . අජේ දෙව්ගන් රඟපාන මේ වසරේ තිරගත වුනු අතිසාර්ථකම චිත්‍රපටියක් . ඒ චිත්‍රපටියට අදාල  මූලික තොරතුරු මෙතනින් අපේ අඩවියට ගිහින් බලා ගන්න පුලුවන් . මේ ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියේ විචාරය

කථාව
බාජි රාවො සින්ගම් කියන්නේ ගෝව- මහා රාෂ්ට්‍ර ප්‍රාත්න සිමාවේ පුංචි ගමක සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක් . ගමේ ධනවතෙකුගේ පුතෙක් වුනු සිංගම් පොලිස් පොතේ ලියනවට වඩා තමන්ම මැදිහත් වෙලා ගමේ ප්‍රශ්න විසඳන එක තමයි කරන්න කැමති . ඒ නිසා ගමේ ඉන්න සියලු දෙනාම සිංගම්ය ආදරෙයි .ජය කාන්ත් ශිකරේ කියන්නේ ගෝව ප්‍රදේශයේ මැරයෙක් . දේශපාන ශකිතිය නිසා පොලිසිය අල්ලේ නටවාගෙන ඉන්න ශිකරේට , අපරාධ නඩුවක් ඇප සිද්ධියක් නිසා සිංගම් ගේ පොලිස් ස්ථානයේ අත්සන් කරන්න යන්න සිද්ධවෙනවා . ඒ සඳහා වෙන කෙනෙක් යැවීමත් , සිංගම් ඒක පිලි නොගැනීමත් නිසා තමයි මේ දෙන්නා අතර ගැටුම පටන් ගැනෙන්නේ ....

Editor's Comments | අපේ අදහස

  • ඉතාම සාම්ප්‍රදායික කථා තේමාවක් බව බැලු බැල්මට පේනවා ඇති . ඒ වුනත් මේ සරල කථා තේමාව ඇතුලේ ඉන්දියාවේ (ලංකාවටත් අදාලයි ) ප්වතින යථාර්තයකටත් එබිමක් කරනවා කිව්වොත් වඩාත් නිවැරදියි . දුෂිත දේශපාලනය නිසා අපාරාධ කාරයින් වැජඹීමත් පොලිස්ය අසරණ වීමත් මේකෙදි හොඳින්ම දකින්න ලැබෙනව
  • සාම්ප්‍රදායික කථාතේමාවක් උනත් කථාවේ ගලායාම හා අවසානය යම් තාක්දුරකට තාත්විකයි . ඉස්සර සිනමා පටවලදි දකින්න තියන සුපුරුදු අවසානයට වඩා වෙනස් , එක්තරා දුරකට ආදර්ශමත් (ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය නිසා ප්‍රායෝගික ) අවසානයක් තමයි දකින්න තියෙන්නෙ
  • දෙමල චිත්‍රපටියක් ආශ්‍රයෙන් නිපදවුනු නිසා ඒ ලක්ෂන සහිත ක්‍රියාදාම දර්ශන තමයි දකින්න තියෙන්නෙ . ඉතාම විශාල වියදමක් දරල තිබුනත් චිත්‍රපටියේ වටිනා කම සම්පූර්ණයෙන්ම හානි වෙන "බොලඳ " ක්‍රියාදාම දර්ශන තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ . ඔබ දෙමල චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි නම් ක්‍රියාදාම දර්ශන ටික අමතක කරල කථාව බලා හිටියොත් හොඳයි . නැතනම් ඒ දර්ශන නිසා චිත්‍රපටියත් එපා වෙන්න පුලුවන්
  • සරල වින්දනාත්මක සිනමා පඨයක් වශයෙන් හොඳ හාස්‍ය උත්පාදක දර්ශනත් , කම්මැලි කමක් නොදැනෙන ගලා යාමකුත් චිත්‍රපටියේ දකින්න් තියනව

Ratings
  • Direction -3/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 2/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - 1/5
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3/5

                                                -  Written by  DBL (බොලිවුඩ් සිංහලෙන් බ්ලොඩ් අඩවිය වෙනුවෙන්)

    2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

    V-E-D-A said...

    singam tamil eka hodai surya is so better than this man....dan bollywood okkoam hadannne tamil films ..tamil film kaavaln eka copy karala haduwa bodyguard kyla salman innnna eth tamil eka hodai eta wada

    DBL said...

    @Veda - Personally I don't like Tamil Movies , Same goes for the Bollywood Movies Copied from them (Except for Dabaang ).I am Waiting for the Ra.One & Don 2 to watch Genuine Bollywood Actions .

    Thanks For the comment

    Post a Comment

    පි‍ටු පෙරලපු ගාන