'ප්රේමකුමාර් ගුනරත්නම්' ගේ වැදගත්ම ප්රකාශය හා හෙට දවසේ ලාංකීය දේශපාලනයේ 'මිලිටරි ලකුණ..................

Saturday, April 14, 2012

ප්‍රේමකුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම පොලීසියේ තවත් විහිලු කතාවකින් නිමා වී ඇත. ශ්‍රී ලංකා පොලීසිය ' ජෝකරයන් රැලක්' ගේ තත්වයට තවත් වටයකින් ඇද දමා රෙජීමය අත පිසදාගෙන ඇත. සමහර විට මේ රෙජීමය සහ රෙජීම කුක්කං , ජනතාව සුරංඟනා කථාවට රැවටුනා යයි සිතා සිටිනවා වන්නටද බැරි නැත. දැන් කාලේ කොන්ඩේ බැඳපු චීන්නුත් නැති නිසා ..මේවා හොඳ අර ඩොක්ටර් නිර්මාල් ඉතා නිවැරදිව කිව්වාසේ..විමල් වීරවංශගේ වෙබ් එකට කමෙන්ට්ස් දාන උන්ටය. නැත්නම් ...ආණ්ඩුවේ එක,එක 'මාධ්‍ය ප්‍රකාශක'ලා දෙන ටෝක්ස්, කිසිම ප්‍රශ්නයක් නොඅසා ජාතික යැයි කියා ගන්නා පත්තර කඩමාලු වල අලවන කොන්දක් නැති බෝතල් පත්තර කාරයන්ටය. මක් නිසාද යත්, මේ මාධ්‍ය ප්‍රකාශකයන්ගේ කතන්දර පිලිනොගන්නවා නම්, ඒවා සෘජුව ප්‍රශ්න කිරීමට හොඳම අවස්තාව ලැබෙන්නේ මාධ්‍ය සාකච්චා වලට යන පුද්ගලයන්ට බැවිනි. එසේ නොකර උන් කියන ඕන කුනුහරපයක් ටේප් රෙකෝඩරයක, ටේප් කරගෙන විත් වග විභාගයකි තොරව, කොලයක ලියන්නට මාධ්‍යවේදීන් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ දැන් ඉන්න ජාතියේ නිවට කුලී ලියන්නන්ය. මුන් පත්තර වල නොලියා මැල්ලුම් ලිව්වානම් මීට වඩා සෙතක් රටට වන බව නිසැකය.

කෙසේ වෙතත් මේ ලිපියේ අවදානය යොමු කරන්නේ ආණ්ඩුවේ ප්‍රකාශකයන්ගේ කතන්දර වලට නොව 'ප්‍රේමකුමාර්' විසින් ඕස්ට්‍රලියාවේ සිට පැයක් පමන් වේලා පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේ එක් අවස්තාවක මතු කල අදහසකටය. ඔහුව පැහැර ගෙන ගිය පුද්ගලයන් හා ඔවුන් ඔහුට සැල්කු ආකාරය ගැන ප්‍රශ්නකල අවස්තාවක ප්‍රේමකුමාර් ඔවුන් ආරක්ශක අංශ සාමාජිකයන් විය හැකි බව පවසන අතර , වඩාත් වැදගත් කරුන ලෙස අප දකින්නේ, ඔවුන්ට සිය හෘද සාක්ශිය අනුව නොව, ඉහලින් එන අණ සහ උපදෙස් මත ක්‍රියා කරන්නට සිදුවී ඇති බවත් එහෙත් ආරක්ශක අංශ වල සේවය කරන බහුතරය සාමාන්‍ය පංතියේ දෙමව්පියන්ගේ දරුවන් බවත් ඔවුන්ව ආමන්ත්‍රනය කිරීමට ඇති අවශ්‍යතාවය ගැනත් පැවසීමය.

ඉහත සඳහන් කල ලෙසම සමස්ත සාකච්චාවෙන්ම මතුවූ වැදගත්ම කාරනාව එය බව අපේ හැඟීමයි. අපේ රට භයානක ඒකාදිපතිත්වයක් කරා ගමන් කරන බව තව දුරටත් හිතලුවක් නොවේ. රාජ්‍යයේ බල කනු තුනම එනම්, විධායක, ව්‍යවස්තාධායක සහ අධිකරණ බලය එක් පුද්ගලයෙකු නැත්නම් එක් පවුලක් අත සංකෙන්ද්‍රනය වී ඇත.  අද ඇමති මණ්ඩලය යනු එහෙයියන් රැලක් පමනි. පාර්ලිමෙන්තුව නාමමාත්‍රික විපක්ෂයක් සහිත නිකම්ම නිකම් කතා සාප්පුවක් පමනි. අද අධිකරණ පද්දතිය පාලක රෙජීමය ඉදිරියේ දණ ගසා ඇත.  නීතියේ ආදිපත්‍ය හා රට තුල නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතන එහෙන් පිටින්ම විකාරයක් , විහිලුවක් බවට පත් කර ඇත.  ඉහවහා ගිය හොරකම, දූෂනය,ඥාතිසංග්‍රහය,රාජ්ය තාන්ත්‍රික මරි මෝඩකම්, නිල නොවන මිනීමරු පැරා මිලිටරි කණ්ඩායම්, මර්දනය කල හෝ හීලෑ කල මාධ්‍ය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ බිල්ලන්, අවස්තාවාදී දෙශ්ප්‍රේමය, මේ සියල්ල පෙන්නුම් කරන්නේ නිසැකයෙන්ම රට ගමන් කරන්නේ භියකරු ප්‍රපාතයකට බවය.

අනෙක් අතට රට ඇත්තේ, දළ දෙශීය නිශ්පාදිතය හා කොටස් වෙළඳ පොල දත්ත මගින් ආර්ථික වර්ධනය පෙන්වන නව ලිබරල් ධනවාදයේ මායාවෙන් වැසුනු දැවැන්ත ආර්ථික අර්බුදයක මුව විටය. ජීවන වියදමට සරිලන වැටුපක් අහිමි නාගරික ශ්‍රම ආර්ථිකයද සිය නිශ්පාදනයට සාධාරන මිලක් අහිමි ග්‍රාමීය ගොවි/ධීවර ආර්ථිකයද ඉතිහාසය පුරා සූරාකෑමට යටත්වූ වැවිලි ආර්ථිකයද ප්‍රසාරණය වන සමාජ අසහනයේ කැළඹිම් මාත්‍රයන් පෙන්නුම් කරමින් සිටී.

උග්‍රවන උපාධිදාරී රැකියා විරහිත භාවය, කඩා වැටෙන අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුලු සුබසාදන සේවාවන් සමාජගත අර්බූදයේ පිලිඹිබුවන්ය.  මේ සියලු රෝග, ව්‍යාධි, සඳහා කෝකටත්  තෛලය ලෙස රෙජීමයට ඇත්තේ එක් පිලිතුරකි. ඒ අන් කිසිවක් නොව මර්ධනයයි.  රටේ ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුලු ආරක්ෂක යාන්ත්‍රනය, මේ මර්ධනයේ මාරාන්තික දැති රෝද ලෙස භාවිතා කිරීම රෙජීමයේ අභිප්‍රාය බව ඕනෑවටත් වඩා පෙන්නුම් කරමින් සිටී.  ඒ සඳහා සුදුස්සා තමන් බව, රෙජීමයේ දුශ්ඨත්වයේ,වෛරීභාවයේ හා අනම්‍ය ස්වරූපයේ මුහුනුවර වන ගෝඨාභය වරින් වර සනාථ කරමින් සිටී.  මේ සංදර්භය, ප්‍රේමකුමාර් ගුනරත්නම්ගේ ප්‍රකාශයේ වැදගත් කම තවත් තීව්‍ර කරයි.  

එක් පැත්තකින් රෙජීමයට සිය දූශිත අත්තනෝමතික ඒකාධිපති පාලනය සදාකාලික කර ගැනීමටත්, එයට එරෙහිවන බලවේග කුඩුපට්ටම් කිරීමටත් 'මිලිටරි' බලය පාවිච්චි කිරීමට සිදුවනු ඇත.සැලකිය යුතු සාර්ථකත්වයක් ඒ අරබයා අත්පත් කර ගන්නට දැනටමත් රෙජීමය සමත් වී ඇති අතර ඒ සඳහා මිලිටරි යාන්ත්‍රනයේ මර්මස්ථාන වලට සිය ඔඩොක්කු කුක්කං පත් කිරීම සහ මිලිටරිය තුලම නිර්මානය කර ඇති අභ්‍යන්තර බෙදීම් හා අවිශ්වාසයන් සූක්ෂම ලෙස යොදා ගනිමින් සිටී.

අනෙක් අතිං මේ ඒකාධිපති වියරුවට එරෙහිව පැන නැගීමට නියමිත ජනතා අරගලයේදී, මිලිටරි බලයේ ස්ථානගත වීම, අරගලයේ ස්වභාවයට, දින වකවානු වලට මෙන්ම අවසන් වශයෙන් එහි සාර්ථක අසාර්ථක බාවයට සෘජුව බලපානු ඇත. අරගලයට නායකත්වය දෙන්නේ ප්‍රේමකුමර් ගේ පෙරටුගාමී සමාජවාදීන්ද, සෝමවංශගේ ජ.වි.පෙ. ද එසේත් නැතිනම් රනිල් වික්‍රමසිංහ හෝ කරූ ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ නැතිනම් ජෙනරාල් සරත් ෆොන්සේකා පෙරටු කරගත් යූ.ඇන්.පීය ප්‍රමුක බලවේගද, එසේත් නැතිනම් මෑත කාලීන ලෝක අත්දැකීමක් වූ ආරම්භයේදී නිශ්චිත නායකත්වයකින් තොරව පොදු ජනයාගේ මැදිහත්වීමෙන් නිර්මානය වන වීදි සටනකටද එය එක ලෙසම සත්යයක් වනු ඇත.  මේ අර්ථයෙන් ගත් කල ප්‍රේමකුමාර් පවසන පරිදි සාමාන්‍ය පංතියේ සොල්දාදුවන් එනම් 'මිලිටරියේ' සාතිශ්‍ය බහුතරය ආමන්ත්‍රනය කිරීම නැතහොත් ඔවුන් සමග සබුද්ධික, සවිඥානික ගනු දෙනුවක වැදගත්කම තහවුරු වෙයි.

200,000ක් පමන වන ආරක්ශක අංශ සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකටත් වැඩි ප්‍රමානයක් සැදුම් ලබන්නේ ගැමි ගොවි සමාජාර්ථික පසුබිමක් සහිත දුප්පත් පවුල්වල දරුවන්ගෙනි.  පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට පමණක් උරුමය පැවරිය හැකි, අක්කර කිහිපයක 'ස්වර්ණභූමි' ඉඩමක් පමනක් හිමි ,දරුවන්ට ඉහල අධ්‍යාපනයක්ද දිය හැකි තරම් වත්කමක් හෝ පහසුකම් නොමැති ග්‍රාමීය ගොවි පවුලක , දෙවෙනි,තුන්වෙනි පිරිමි දරුවන්ගේ නිශ්චිත ඉරනම හමුදාවය. මීට වසර හත අටකට පෙර ලේඛකයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මහඉලුප්පල්ලම අවට ගම් වල සැරි සරද්දී අසන්නට ලැබුනු සුලබ කතාන්දරය එය විය. යුද්ධෙට ගිය තරුණ දරුවෙකු නොමැති ගෙයක් සෙවීම, හරියට කිසිවෙකු නොමල ගෙයකින් අබැටක් සොයන තරම් අමාරු කාර්යයක් විය. ගොඩනැගිල්ලකට දෙකකට සීමාවූ, එක්කෝ අටේ පංතියට නැත්තම් දහයේ පංතියට පමනක් වූ පාසැලක්, කටුමැටි නිවෙස් මෙවැනි ගම් වල ලාක්ෂනික භූදර්ශනය විය. තරමක් විශාලව පිලිවෙලකට ගඩොලින් නිමවා උලු සෙවිලි කර තිබූ නිවෙස් වූයේනම් ඒවායේ අනෙක් අනිවාර්ර්‍ය අංගය වූයේ ගේ ඉදිරිපස බැඳ තිබූ මියගිය සොල්දාදුවෙකුගේ සොහොනයි. දැනුදු මේවායේ වැඩි වෙනසක් ඇතැයි සිතිය නොහැක.

පෙර කී ලෙසම තීරණාත්මක නිමේශයකදී, ක්‍රමානුකූල සන්නද්ද පුහුනුවක් සහිත මේ විශාල බලවේගය සිට ගන්නේ ඒකාධිපති රෙජීමය සමගද නැතහොත් ඊට එරෙහි තමන්ගේ පංති බලවේගය සමගද යන්න ප්‍රභලම සාදකය වනු ඇත. විශේෂයෙන්ම ලංකාවේ භූදේශපාලනය  තුල හා ලෝක යුධ තාක්ෂණික වර්ධනය තුල, බිංදුවේ සිට ගොඩනගන 'ගරිල්ල්ලා' ව්‍යාපාරයක් අද දවසේ යථාර්තයක් නොවේ.  ප්‍රේමකුමාර් හා නව පක්ශය සිය මාධ්‍ය ප්‍රකාශයට සීමා නොවී, මේ සුවිශේෂී බලවේගය ආමන්ත්‍රනය කිරීමටත්, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දීමටත්, ඔවුන් සමග සබුද්ධික සංවාදයක් බිම් මට්ටමේ සිට ගොඩ නැගීමටත් නිශ්චිත වැඩපිලිවලක්, ක්‍රියාවලියක් වහ වහා දියත් කල යුතුය. එසේම  'අපි ශ්‍රි ලාංකිකයෝ' වැනි අනුබද්ද සංවිදාන සමහර අවස්තාවලදී ඉතා මෝඩ ලෙස හමුදාව සමග සෘජු ගැටීම්වලට නොයා ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍ර විරොධී ලෙස හමුදාව හසුරුවන පාලක රෙජීමය හා උන්ගේ ඔඩොක්කු කුක්කංට එරෙහි විය යුතුය.

පාලක රෙජීමය මර්ධනය කැඳවන මොහොතක, මිලිටරිය සිය දඩ බල්ලන් සේ සමාජය මතට මුදා හරින්නට බලා සිටී. එවන් නිමේශයක මිලිටරිය තුලින් එයට එරෙහිව මතුවන ප්‍රතිරෝධයක් හෙට දවසේ නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථිකයේ තමන්ගේ නියමිත කොටස ඉල්ලන ජන අරගලයක තීරණාත්මක හැරවුම් ලක්ෂය වනු ඇත.

පොලීසියට භාරවීමේ පහසු, නව ක්‍රමයක්: ගෝඨාගෙන් ‘Hot Line’ එකක්……………..

Tuesday, April 10, 2012
දැන් අපේ රටේ පොලිසියට භාරවන අලුත්ම හා පහසු ක්‍රමයක් හඳුන්වාදී ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මෙය අප්‍රේල් පලවෙනිදා සිට ක්‍රියාත්මක බව ලේකම්තුමා දොරමඩලාවෙන් රටට හෙලිකර ඇත. රටේ පුරවැසියන්ට මෙන්ම එසේ නොවන්නන්ටද මේ සුහඳ සේවාව එක ලෙස විවෘත බවද එතුමා දන්වා ඇත. දැන් ඕනෑම අයෙකු කිසියම් වරදකට හෝ වරදකට සැක කාරයෙක් නම් පොලීසියට භාරවීමට, නීතීඥ මහත්තුරු සොයමින් කරදර විය යුතු නැත. කල යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ‘හොට් ලයින්’ එකට ඇමතුමක් ගෙන ආරක්ෂක ලේකම් ගෝඨාභයතුමා අමතා තමංට භාරවිය යුතු ස්ථානය හා වේලාව පැවසීම පමනි.

නියෝජ්‍ය පොලිස්පති (ගායක ) සේනානායක යටතේ පවතින විශේෂ ඒකකය දවසේ ඕනෑම වෙලාවක ඔබගේ අවශ්‍යතාවය ඉටුකරදීමට සැදී පැහැදී සිටී. එය පාන්දර 4ද, 5හද යන්න තමංට වැදගත් නොවන බවත් තම අරමුන වන්නේ කලට වේලාවට,සේවාදායකයාට උපරීම සුහද සේවය බවත් D.I.G. තුමා පවා ඇත. ඉතිං ඇමතුම දීමෙන් පසු ඔබ කල යුත්තේ, ගෙදර දොර ජනෙල් අගුලුදමා නිදා ගැනීම පමනි. ලේකම් තුමාගේ ගෝල බාලයන් නියමිත් වේලවට පැමින, අහල පහල අසල්වැසියන් ගේද සුවදුක් විමසා, ඔබගේ නින්දට බාදා නොවන ලෙස ඔවුන් විසින්ම නිවසේ දොර කඩා බොහෝම ප්‍රවේසමින් ඔබව ගෙනයනවා ඇත. දවසක් දෙකක් ආගන්තුක සත්කාර කිරීමෙන් පසු, ආරක්ශක ලේකම් තුමාම, I.T.N. එකේ දොරමඩලාවට කතාකර ඔබ පොලීසියට භාර වූ බව රටටම හෙලිකරනවා ඇත. පොලිස්පති තුමාද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාද ඇතුලු මුලු පොලිසියම, ඔබ පොලීසියට හොරෙන් පොලීසියට භාරවී ඇති බව එවිට දැන ගන්නවා ඇත. සිය අධික කාර්ර්‍ය බහුල තත්වය හමුවේ වුවද, T.V. එකෙන් භාර වූ වන්ගේ නම් ලැයිස්තු කියවීමේ භාරදූර කර්තව්‍ය තමන් නොවලහා ඉටු කිරීමට සූදානම් බව ගෝඨා බය තුමා, තානාපතිවරුන් හමුවේ ප්‍රතිඥා දී තිබේ.

‘හොට් ලයින්’ එකේ රිගිං ටෝන් එක ලෙස………………… ’වැඩේ අමාරුත් නැතේ…..ලෝයර් ෆීස් ඉතුරුයි අතේ………මෙන්න මෙහෙ වරෙව් කොල්ලනි ..නට නටා වරෙව්…පොලීසියට භාර වෙන්න නට නටා වරෙව්’ ……………………….යන ගීතය D.I.G. තුමා විසින්ම ගායනා කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 04

ඔන්න ඉතිං අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ 04 වෙනි කොටසත් ඔයාලට ගෙනාවා. මුල් කොටස් දෙකට හොඳ ප්‍රතිචාර ලැබුනු නිසා ඔන්න මේකත් දානවා. මේ කතාවෙන් මිත්‍ය අදහස් ඇති අයට හොඳ බඩේ පහරක් වඳිනු ඇතැයි සිතමි. කතාව පටං ගන්නවා. එහෙනං කියවලාම බලන්න.


දේව දූතයන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. අද මම ඔයාලට කියන්නට යන්නේ තවත් දේව දූතයෙක් පිළිබඳව කතන්දරයකි. බඩ උඩ වංගෙඩිය තබා පිටි කොටා කිරි දාන දුන් දේව දූතයාගේ කතන්දරය සත්තකින්ම සුන්දරය. පත්තිනි මෑණියන් මුල් කරගෙන දෙන දානයකි කිරි අම්මා වරුන්ගේ දානය. මෙම දානමය පුණ්‍ය කටයුත්ත ලංකාවේ පළාතෙන් පළාතට වෙනස් වේ. මෙම දානවල විධි ක්‍රමවේදයන්ද වෙනසක් පවතී. කිරි දෙන අම්මා වරුන්ද කිරි දුන් අම්මාවරුන්ද තවත් සමහර වෙලාවට දරුවන් සිටින වයසක මාතාවන් සඳහාද මෙම කිරි දානය පුණ්‍ය කර්මය කරයි.

මල් කැකුලකට ජිවය දෙමු.

Monday, April 9, 2012




මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.

එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා. එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ ‍යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Relaමහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන. හැබැයි ඒ සති 3කට විතරයි. ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන. එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව.

මේ සැත්කමට රුපියල් ලක්ෂ 70ක් විතර වියදම් වෙනව. රුපියල් ලක්ෂ 70 ක් කියන්නේ රුවින්දිගෙ තාත්ත නිලුෂට හිතන්නවත් බැරි තරම් ලොකුම ලොකු මුදලක්. අපි හැමෝම එකතු වුනොත් මේ පුංචි සුරංගනාවිය සනීප කරලා ලංකාවට එක්ක එන්න පුළුවන්. ඒත් අපි උදවු නොකොළොත් තව සති 3ක් නැත්නම් මාසයක් යනකොට ඒ පුංචි සුරංගනාවිය අපිව දාල යන්නම යනවා. අපි කාටද පුළුවන් පුංචි කිරිසප්පයෙක් අපිව දාල යනකල් බලන් ඉන්න?

කරුණා කරලා ඔබට පුළුවන් ආධාරයක් කරන්න. ඔබ දෙන පුංච් රුපියල් 10 හරි රුවින්දිට මේ වෙලාවෙ ගොඩක් වටිනව.  පුංචි රුවින්දි සනීප වෙලා හිනාවෙන දවසට අපිට කොයිතරම් නම් සතුටු වෙන්න පුලුවන්ද?

මේ රුවින්දිගෙ තාත්තගෙ දුරකථන අංකය - (+94) 776280952
නිලූෂගෙ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනුත් විස්තර දැන ගන්න පුලුවන් - පූජ්‍ය රන්මුතුවැවේ විජිතවංශ හිමි - (+94) 332255738

මේ ගැන තව විස්තර මෙතනින්  බලන්න පුළුවන් 



අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 03



ඔන්න ඉතිං අවාසනාවට සත්‍ය කතාවක් කොටසේ 03වෙනි කොටස ඔයාලට දෙන්නයි යන්නේ. දෙවෙනි කොටස බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. පළවෙනි කතාව මම මැෂින් එකේ ටයිප් කරල තමයි නෙට් එකට දැම්මේ. ඉතිං එතනදී පොඩි කේස් එකක් ගිහින් කෙලවුනා. ඒකටත් එක්ක අල්ලලා ඔන්න දුන්නා දෙවෙනි කොටස. අද තුන්වෙනි කොටසත් එහෙනම් බලන්න. 





විවිධ යක්ෂයින්, භූතයන් ,ප්‍රේතයන් ,කුම්භාණ්ඩයන්, බ්‍රහ්මයන්, දෙවියන් ආඳී බොහෝ දෙනා ගැන ඔබ අප නොයෙක් ආකාරයේ කතා අසා තිබේ. මිනිසුන් කරනා කුසල් අකුසල් මත මෙවැනි භවයන්වල උපදින බව විවිධ ආගම්වල කියැවේ.


අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 02

Sunday, April 8, 2012
පළවෙනි කොටස මෙතන ක්ලික් කරලා බලන්න පුලුවන්. ඒක පොඩි තාක්ෂණික දෝෂයකට මුලපිරුණු නිසා මේකෙ දාන්නෙ නෑ. හැබැයි ඔන්න දෙවෙනි කොටසනම් දෙනවා.






පෙර භවයේදී මිනිසා විසින් කරන කුසල් අකුසල් සියල්ලම ඕලාරික සිරුර හැරදා යාම හඳුන්වන්නේ මරණය ලෙසිනි. එතැන් සිට විඤ්ඤාණය අරඹයි. එය කර්ම විපාක සමඟ භවයේ සැරීම ලෙස හැඳින්විය හැකිය. එම භව ගමනේදී පෙර ආත්මයේ කර්ම පලවිපාක වලින් මිදීමට කිසිඳු සත්වයකුට නොහැකිය. මෙහිදී පැහැදිලි වන්නේ මනුෂ්‍යයාගේ මරණයෙහිදි ඕලාරික සිරුරින් විඤ්ඤාණය ඉවත් වූවද අන්තරාභවයේ නොමැරෙණ බවයි. එය තව දුරටත් පැහැදිලි කලහොත් අත තැබූ දෙයක් බිම තැබූ ඉක්මනින් උපතල් නොලැබුවහොත් කලක් එම ස්වරූපයම පවතියි. පසුව වෙනත් උපතක් ලබා ගනී. අන්තරාභවය ලෙස සැලකෙන්නේ මරණයත්, ඊලඟ උපතත් අතර වූ මනෝමය කායයෙන් ජීවත්වෙන කාලයයි. (මහා අස්සපුර සූත්‍රය) මේ අන්තරාභවය පෙර ආත්මයේම දිගින් දිගටම යාමක් මිස අලුත් උපතක් ලෙස සැලකිය යුතු නොවේ. මෙගින් පැහැදිළි වන්නේ විඤ්ඤාණය නොකැඩී වෙනස් නොවී ආත්මයෙන් ආත්මයට ගමන් ගන්නා බවයි. මෙම ගමනේදී කුසල් අකුසල් සමඟ වෛරය හා ද්වේශය ද රැගෙන යන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. මෙය වර්තමානයේ කල පරීක්ෂන මඟින්ද සනාථ වී ඇත. පහත සඳහන් කතාව මඟින් එය මනාව පැහැදිලි වේ.

පි‍ටු පෙරලපු ගාන