"මට wish කරන්න තිබ්බ මම ඒත් වෙලාව එනකම් හිටියෙ"

Saturday, August 4, 2012
අපේ ඔෆිස් එකේ ඉන්නව කොළඹ විශ්ව විද්‍යාලයේ එකෙක්. ඌ ඉතින් මාරම රස කතා තොගයක් කියනව. ඉතින් මට හිතුන ඒවායින් එකක් දෙකක් දාන්න, මොකද මට ලියන්න එහෙම රස කතා මතක් වෙන්නෙ නෑනෙව හරියකට.

ඔන්න ඉතින් දවසක් මේකගෙ යාළුවෙක්ගෙ කෙල්ලගෙ උපන්දිනේ හෙටලු. ඉතින් රෑ ඌ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවලු. විෂ් කරන එක ගැන සද්දයක්වත් නෑ, මූට ඕනෙ හරියටම 12ට විෂ් කරන්න. ඔන්න ඉතින් කතාව ඉවර කරල ෆෝන් එක තියල. මූ දැන් 11.58ට එලාම් එකකුත් තියල ෆෝන් එකත් ලඟින් තියාගෙන බලන් ඉන්නව ගානට වෙලාව එනකම්.
අනේ ඒ උනාට මූට නින්ද ගිහිල්ල වෙලාවට ඉස්සෙල්ල. එලාම් එකටත් ඇහැරිලා නෑ. පට්ටම සිද්දිය. මූට ඔන්න එක පාරටම ඇහැරිලා බලනකොට වෙලාව පාන්දර 5යි. ඔලුව ගිනි අරං ෆෝන් එක අරගෙන බලද්දි missed calls 20ක්, sms 10ක්.
දැන් ඉතින් අරූ ඉවරයි තමා.
ඉතින් මූ එවෙලෙම කෝල් එකක් ගත්තලු. ආයි හිතන්න දෙයක් නෑ කෙල්ල ඉවරයක් නැතිව බැණගෙන බැණගෙන යනව. මූටත් ඉතින් කියන්න හේතුවකුත් නෑනෙ. අහගෙන ඉන්නව.
ඔන්න ඔය අතරෙ මුගෙ ස්ථානෝචිත ප්‍රඥාවද කොහෙද එක වැඩ කරනව.
මූ එක පාරටම කීවලු, "මට 12ට කිසිම අවුලක් නැතිව විෂ් කරන්න තිබ්බ, ඒත් ඔයා ඉපදුනේ පාන්දර 5යි ගානකටනෙ, ඉතින් මම ගානට වෙලාව එනකම් හිටියෙ." කියල.
ඉතින් දීපල්ලකො උත්තර. :)


10 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Amila Chathuranga said...

හහ් හහ් හා..ඒක මරු උත්තරේ....

දිනුක said...

මටත් ඕක අමතක වෙනවා.පහුවදාටත් පවුල මට කෝල්කරලා වටෙං පිටෙං මාතෘකාවට ආවත් මට මතක් වෙන්නෑනෙ.වලිය ඉතිං සුමාන්යක් විතර ඇදෙනවා ඕං....

පබලු said...

hikzzz... tenata sudusu nuwana :D

Anonymous said...

නියමා..................යි :)

තරියා said...

හික්ස්..
කෝමද ටිකිරි මොලේ???

කෝඩුකාරයා said...

කොහොම උනත් මිනිහගෙ ස්ථානෝචිත මොකද්ද එකනම් අදහන්න වටිනවනේ.........

කෝඩුකාරයා said...

කොහොම උනත් මිනිහගෙ ස්ථානෝචිත මොකද්ද එකනම් අදහන්න වටිනවනේ.........

Pramudi said...

හිකි හිකි.
ඇත්තට ඉතින් දොළහට හරියටම විශ් කරන එක හොඳයි.ඒ වුනාට ඉතින් එහෙම විශ් නොකළ කියල රැඳු වෙන්න යන්න නම් හොඳ නෑ.

මී පැටියා said...

සිරා පොරක්. මටත් වෙලා තියෙනවා ඔහොම දේවල් ඕන තරම්.

චතුර විජේකෝන් said...

මගේ බිරින්දැට නං.. අදාල දවසේ රෑ දොලහට කලිං විෂ් කොළාම හොඳටෝම ඇති.. මං කවදාවත් එච්චර වෙලා ඉන්නෙ නෑ..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන